අවසන් වරට යාවත්කාලීන කලේ 2021/11/20

මුරපද 1 කොටස සඳහා

Password එකක් යනු කුමක්ද?

නිවසක, කාමරයක, අල්මාරියක යතුරක් යොදාගෙන පෞද්ගලික දේවල් ආරක්ෂා කර ගත හැකි ආකාරයට ඩිජිටල් ලෝකයේ අපගේ phone එක, computer එක,e-mail ගිණුම Facebook, Youtube, LinkedIn, Twitter, වැනි ගිණුම් විතරක් නෙවෙයි- ඔබේ බැංකුගිණුම් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යොදාගන්නා ඉලෙක්ට්‍රොනික යතුර වන්නේ “ Password” එකයි.

Password එක හැමෝම දන්න දෙයක් වුනොත් කුමක් වෙයිද ?

නිවසේ, කාමරයේ හෝ කබඩ් එකේ යතුර මල්පෝච්ච්ය යට හෝ පාපිස්ස යට වගෙ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් තැනක තිබ්බොත් ඒක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් , ඒ වගේම password එක ලේසියෙන්ම guess කරන්න පුළුවන් නම් ,ඔබගේ e-mail ගිණුම Facebookගිණුම ලේසියෙන්ම හැක් වෙන්න පුළුවන්.

ලේසියට මතක තියාගන්න පුළුවන් නිසා සුලභව යොදාගන්න අනාරක්ෂිත password මොනවාද ?

  1. තමන්ගෙ නම සහ අංක දෙකක් උදා : Samantha89
  2. හැඳුනුම්පත් අංකය උදා : 947312100V
  3. 123456
  4. Keyboard එකේ එක ළඟ තියන අකුරු ටිකක් උදා : ASDF , QWERTY
  5. දුරකතන අංකයක්
  6. උපන්දිනය

මිනිස්සුන්ව අනාරක්ෂිත password යොදාගැනීම නිසා ඇතිවන කරදර වලින් බේරා ගැනීමට , විශේෂයෙන්ම email වල password set කිරීමේ දී පහත නිර්ණායක යොදාගනු ලැබේ

  • අවම characters 8
  • Simple සහ Capital අකුරු
  • ඉලක්කම් ඇතුලත් විය යුතුයි
  • සංකේත ඇතුලත් විය යුතුයි

සියලුම ගිණුම් වලට එකම password එක යොදාගත්තොත් කුමක් සිදුවේ ද ?

  1. හැකින් ප්‍රහාරයකින් තෙවන පාර්ශවයක් විසින් එක් ගිණුමක විස්තර ලබා ගත් විට අනෙක් සියලු ගිණුම් වල විස්තර ද ඔවුන්ට ලබා ගත හැකි වීම
  2. අත්‍යවශ්‍ය අවස්ථාවක දී password එක තව කෙනෙක්ට ලබාදෙන්න වුනොත් එම පුද්ගලයාට ඔබගේ සියලුම අනෙකුත් ගිණුම් වලට ප්‍රවේශ විය හැකි වීම

 

අමාරු password එකක් ලේසියෙන් සකස් කර ගන්නේ කොහොමද?

I ක්‍රමය

යම්කිසි වචනයක් හෝ වචන සංකලනයක් ගෙන, එය මතක තබාගැනීම සඳහා යම්කිසි මතක උපක්‍රමයක් භාවිතා කිරීම

උදා: වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි
ඒක අපි ඉංග්‍රිසියෙන් ලියාගන්නවා මෙහෙම:
Wadiya kadana naraka lamai hema nowe api

සෑම වචනයකම මුල අකුර වෙන් කර ගන්නවා:
[W]adiya [k]adana [n]araka [l]amai [h]ema [n]owe [a]pi

එතකොට අපිට මේ වගේ අකුරු ටිකක් ලැබෙනවා:
[W] [k] [n] [l] [h] [n] [a]

අපිට ලැබුන අකුරු ටිකට ඉලක්කමක් සංකේතයක් එකතුකරගන්නවා සුදුසු පරිදි; මේ උදාහරණයේදී අපි
[a] වෙනුවට @ ලකුණ යොදා ගන්නවා:
ළමයි කියන වචනයේ simple L = [l] අකුර වෙනුවට 1 යොදා ගන්නවා

දැන් අපේ පාස්වර්ඩ් එක තමයි:
WkN1hn@

මේ පාස්වර්ඩ් එක මතක තියාගන්න අමාරුයි. ඒත් අපිට “වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි” කියන වාක්‍ය මතකයි. මේ වාක්‍ය කියවන ගමන් පාස්වර්ඩ් එක ටයිප් කරන්න තමයි තියෙන්නේ ඉතින්!

වැදගත් : මේකට ඔයාවිතරක් දන්න වාක්‍ය කණ්ඩයක් (Phrase) එකක් ගත්තොත් වඩාත්ම හොදයි!

II ක්‍රමය

  1. පළමුව ඉන්ග්‍රීසි අකුරු 2 තෝරාගන්න උදා : AA
  2. දෙවනුව ඉලක්කම් 2ක් තෝරාගන්න උදා : 24
  3. තෙවනුව සංකේතයක් තෝරාගන්න උදා :
    AA24#
  4. AA අකුරු Aa ලෙස කැපිටල් සහ සිම්පල් ආකාරයෙන් සකස් කරගන්න
    Aa24# – මෙය ඔබගේ password එකේ පළමු කොටසයි

දැන් අපි බලමු මෙම password එකේ ඉතිරි කොටස එක් එක් ගිණුම් වලට විශේෂිතව සකස් කරගන්නේ කොහොමද කියලා ?

Facebook ගිණුමක් නම් – Aa24#Fac

Gmail ගිණුමක් නම් – Aa24#Gma හෝ Aa24#MAIL

*සැ.යු – මෙය ඔබ කැමති ආකාරයකට සකස් කළ හැක -සම්පූර්ණ password එකේ characters 8 ක් අවම වශයෙන් තිබෙන පරිදි.

මෙහි දී ඔබ මතක තබා ගත යුත්තේ පළමු අකුරු/ඉලක්කම් පහ පමණක් වන අතර, විවිධ ගිණුම් සඳහා වෙනස් ආකාරයේ password ඉහත අයුරින් නිර්මාණය කරගත හැක

එසේම ඉහත password ඔබට කැමති අයුරින් මාරු කරගැනීමට ද පුළුවන්

උදා : Aa24#Fac -> Fac#24Aa -> 24Aa#Fac

Password සම්බන්ධයෙන් සැලකිය යුතු කරුණු

  1. හැකි සෑම අවස්ථාවකදීම 2 Factor Authentication (2FA) හෝ multi factor authentication භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ
  2. කිසිම වේලාවක කිසිම කෙනෙකුට password එක ලබා නොදිය යුතුයි
  3. Password යම් අයුරකින් ලබා දුන්නොත් Password set එකම වෙනස් කළ යුතුයි

පාස්වර්ඩ් වල ආරක්ෂාව ගැන තව විස්තර දැනගන්න: මෙතැනින්

Source : 
https://www.youtube.com/watch?v=CeAchHKO6EE&t=344s
https://www.hithawathi.lk/help-centre/cyber-security-tips/selecting-a-strong-password-and-protecting-it/