අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/10

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

පසුගිය වසරේ අග භාගයේදී මිෂා මූල්‍යමය වශයෙන් දුෂ්කර කාලයක් අත්විඳි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයගේ දුරකථනයට වඩා හොඳ මිලක් නියම කල වීථියේ කුඩා දුරකථන සාප්පුවකට එය විකිණීමට ඇය තීරණය කලා. මාසයක් පමණ ගත වූ පසු ඇයට දුරකථන කුටියකින් දුරකථන ඇමතුමක් ලැබුණු අතර එම සංවාදය වූයේ,

අමතන්නා: හෙලෝ මයි ඩියර්, ඔයා හොඳින් කියලා හිතනවා!
මිෂා: කවුද මේ?
අමතන්නා: හොඳයි … ඔයා ඇත්තටම මාව හඳුනන්නේ නෑ, ඒවගේම මම කවුද කියලා සොයන්නත් උත්සාහ කරන්න එපා ..
මම කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න හරි?
ඔයා ගිය මාසේ ඔයාගේ මොබයිල් ෆෝන් එක විකුණාවා නේද?
මිෂා: ඔව් .. (පුදුමයෙන්) ඔයා කොහොමද ඒක දන්නේ?
අමතන්නා: මම ඒක මිල දී ගත්තා ඩාර්ලිං. ඒවගේම ඔයාගේ නිරුවත් හා ප්‍රේමනීය පින්තූර ටිකක් රිකවර් කර ගන්න පුළුවන් වුණා.
මිෂා: මොකක්ද?
අමතන්නා: ඒක මගේ අතට ලැබීම ගැන සතුටු වෙන්න. දවස් තුනක් ඇතුලත රුපියල් 100,000 / – ක් ලෑස්ති කරන්න පුළුවන් නම්, මම ඒ ඔක්කොම රහසිගතව මකා දාන්නම්, නැත්නම් ඔයා ඉස්සරහම ෆැක්ටරි රිසෙටින් කරන්නම්. හැබැයි ඔයා ඒකට කැමති නැත්නම්, දේවල් තවත් නරක අතට හරවන්නත් මං ගාව සැලසුම් තියෙනවා. ඉතිං ඔයා තීරණය කරන්න! (තර්ජනාත්මක ලෙස)
ආයෙ ගන්නම් ඉක්මනට. (විසන්ධි විය)

අවසාන වශයෙන් ෆැක්ටරි රිසෙටින් (factory resetting) නොකර ජංගම දුරකථනය විකිණීම කෙතරම් අඥාන දෙයක්ද යන්න ඇයට තේරුම් ගියා, එහෙත් ඒ වන විට ප්‍රමාද වැඩියි.

පූර්ව ආරක්ෂක උපදෙස්:
ෆැක්ටරි රිසෙටින් නොකර ඔබේ ජංගම දුරකථනය කිසිවෙකුටත් දීම හෝ විකිණීම සිදු නොකරන්න (අඩුම වශයෙන් දෙතුන් වරක්වත් එය සිදු කරන්න)
කප්පම් ගැනීමේ සිදුවීමක් නම් ආසන්නම පොලීස් ස්ථානය අමතන්න. ඔවුන් නැවත නැවතත් බිය ගන්වා මුදල් ඉල්ලීම සිදු කල හැකි බැවින් කිසි විටෙකත් මුදල් ලබා නොදෙන්න.