අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

ලොක්ඩවුන් කාලය අතරතුර වූ සඳුදා දිනයකි. ශැලිකා නමැති කාන්තාවකගෙන් හිතවතීට දුරකථන ඇමතුමක් ලැබුණා, ඇය සේවය කරන්නේ පෙෘද්ගලික ආයතනයක. වර්තමාන වසංගත තත්වය නිසා ඇයත් ඇගේ ස්වාමියත් රැකියාව කරන්නේ ගෙදර ඉදන්. මේ අතරතුරදී , ඇගේ ස්වාමිපුරුෂයාට ඈගේ නමින් සහපි න්තූරයක්ද ඇති ෆෝස්බුක් ගැණුමකින් ඉල්ලීමක් ලැබුණාත් එක්කම, ශාලිකාට මහ නරක කරදරකාරී අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවුණා. ඔහුට ඉල්ලීම ලැබුණ වහාම ඔහු ඒ ප්‍රොෆයිල් එකට ගිහින් හොඳින් පරීක්ෂා කරල බලලා එයා හිතුවෙ මේ බිරිඳ කියල හිතල රික්වෙස් එක ට්ඇක්සෙප්ට් කරා.

දින කිහිපයකට පසු, එම ෆේස්බුක් ගිණුමෙන් අනවශ්‍ය චැට්ස් සහ මැසේජස් ආවා. ඒ ඔහුගේ බිරිඳ ගැන වැරදි ආකරයට ලියූ වැරදි ලෙස සාදා තිබූ පින්තූර. මේක දැක්ක ගමන්ම ඔහු ඉතා ආවේගශීලී වුණා, නිතරම ඇගෙන් මේ ගැන අසමින් ඈට වද දෙන්නට පටන් ගත්තා. නිතරම දෙදෙනා අතර රණ්ඩු ඇතිවුණා. නිකමටවත් ඔහු තම බිරිඳගෙන් මේ ගැන කතා කලේවත් නෑ.

ඇය මේගැන කිසිවක් දැන සිටියේ නැහැ. කොටින්ම කිව්වොත් ඇය තමාටවත් ෆේස්බුක් ගැණුමක් සාදා නැහැ. ඉතින් ඇයට හිතුනා මේක අනිවාර්යයෙන්ම ව්‍යාජ ගිණුමක් විය හැකියි කියා.

ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා සිදුකරන මෙම නෙහොඹිනා ක්‍රියාව හේතුවෙන් ඇගේ ස්වාමිපුරුෂයා විසින් ඇයට ශාරීරිකව මෙන්ම මානසිකවද නිරන්තරයෙන් කරදර කරයි.

ඈ මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම ගැන කිහිප විටක්ම වාර්තා කලත් එය හරිගියේ නෑ.

ඉතින් මෙම ප්‍රශ්ණයට උත්තරයක් ලබා ගත හැක්කේ කාගෙන්ද කියා අන්තර්ජාලය හරහා සොයා බලන අතරතුරදී ඈට හිතවතී වෙබ් අඩවියේ ලින්ක් එක ලැබුණා.
ශාලිකා හිතවතීට කතා කරල සම්පූර්ණ විස්තරය කිව්වා. හිතවතී ඇයට නිසි උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අදාල ව්‍යාජ ගිණුම වාර්තා කර ඉවත් කර ගැනීමට හැකිවුණා. මානසිකවප්‍රශ මෙන්ම ඇගේ පවුල් ජීවිතයට ද වදයක් වූ මෙම ප්‍රශ්ණය විසඳා ගැනීමට හැකිවීමට ගැන ඈ ඉමහත් සතුටට පත් වූවාය.

අන්තර්ජාලය හරහා සිදුවන වංචාවන් ගැන ඇගේ සැමියා එතරම් දැනුවත් නැත. ඔහු ඈ සමඟ වාද කරන අවස්ථාවක ඈ ඔහුට පවසා තිබුණා, “අද කාලයේ අන්තර්ජාලයේ මේවගේ දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. ඔයාට එ ගැන දැනගන්න ඔනි නම් ,කරුණාකරල ”හිතවතී” ට කතා කරන්න. ඒක මෙවගේ දේවල් ගැන නොමිලේ උපදෙස් ලබාදෙන සේවාවක්.”

ඊට පසුදින ඇගේ ස්වාමියා හිතවතීට කතා කලා. තම බිරිඳට වූ සිද්ධිය කිව්වා. එවැනි දේවල් අද කාලයේ ඉතා බහුලව සිදුවන බවත්, සයිබර් අවකාශයේ සහ සමාජ ජාලා භාවිතා කිරීම් සම්බන්ධයෙන් ඔහු හොඳින් දැනුවත් වුණා. ඔහුගේ හිතේ තිබුණු සැක සියල්ලක්ම නැති කර ගැනීමට හැකි වුණා.
දෙන්නාට දෙන්නා විශ්වාසයෙන් සතුටින් ජීවත් වෙන්න කියා හිතවතී උපදෙස් දුන්නා !

පූර්වාරක්ෂාව ඉඟි:

  • නොදන්නා මිතුරු ඉල්ලීම් (ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්) පිළිගැනීමෙන් වැළකී සිටීම වඩා හොඳය.
  • ඔබ පබ්ලික් (ඕනෑම අයෙකුට දැකිය හැකි ලෙස) අප්ලෝඩ් හෝ ශෙයා කරන පින්තූර / වීඩියෝ කිසිදු ආකාරයකින් ඔබට හානියක් නොවන බවට වග බලා ගන්න. (උදා: ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීමට, සතුරන් විසින් අනිසි ලෙස භාවිතා කිරීමට)
  • ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • මෙම ලින්ක් එක හරහා වැඩිදුර තොරතුරු දැන ගන්න. https://www.hithawathi.lk/si/useful-contact-information-si/
  • ඔබ මෙවැනි තත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නොමිලේ නීති උපදෙස් හෝ මනෝ විද්‍යා උපදේශනය සඳහා කාන්තා පිහිට (WIN) ආයතනය අමතනන්න.
  • ඔබ මෙවැනි තත්ත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නීතිමය සහය සඳහා 1938 (කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාන්තා උපකාරක දුරකථන සේවාව) අමතන්න.
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන්න