අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/10

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

රූසි, 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියකි. ඔවුන්ගේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී ලබා ගත් ඡායාරූප පාසල් පරිපාලන අංශය විසින් පාසලේ ෆේස්බුක් පිටුවට ඇතුලත් කරන ලදී.

දිනක් එම පාසලේ දරුවකුගේ මවක් ඇගේ ෆේස්බුක් ගිණුම භාවිතා කරමින් සිටියදී, හදිසියේම, ඇගේ දරුවාගේ පාසලේ ඉගෙනුම ලබන දරුවකු වන “රූසි” ගේ නම සහ ඇගේ ඡායාරූප ෆේස්බුක්හි තිබෙනු දුටුවාය. ඈ රූසි දියණියගේ මවද හොඳින් හඳුනන නිසාවෙන්, එසැනින්ම ඇගේ මවට දුරකථන ඇමතුමක් දී මෙම විස්තරය කියා සිටියාය. එසේම රූසි දියණිය ෆේස්බුක් භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කරන ලෙස ද ඈට දන්වා සිටියා ය.

මව රූසිගෙන් මේ බව විමසූ විට රූසි දියණිය කියා සිටියේ, ඈ ෆේස්බුක් භාවිතා නොකරන බවයි. පසුදින රූසිගේ මව ඇයට මෙම පණිවිඩය දැනුම් දුන් මව හමුවීමට ගොස් තම දියණිය ෆේස්බුක් භාවිතා නොකරන බව දන්වා සිටියා ය.

එනම් මෙය කිසියම් පුද්ගලයකු විසින් ඇගේ පාසල් ෆේස්බුක් පිටුවේ පලකර ඇති ඡායාරූප භාවිතා කරමින්, රූසිගේ නමින් නිර්මාණය කර ඇති ව්‍යාජ ගිණුමක් බවට පැහැදිලි විය.

මෙවැනි අවස්ථාවකදී ඔබ කල යුත්තේ කුමක්ද?
පහත සබැඳිය භාවිතා කර, අනවසර අන්තර්ගතයන් භාවිතා කිරීම හැ හැසිරවීමට ෆේස්බුක් වෙත වාර්තා කරන්න.https://www.facebook.com/help/contact/295309487309948