අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි සඳහන් නම් හා ස්ථාන මනඃකල්පිත වේ.

ශානක සපත්තු ව්‍යාපාරයේ යෙදී සිටි අතර ඔහු එය ඉතා හොඳින් කරගෙන ගියේය. ඔහුගේ පාවහන් ව්‍යාපාරය සඳහා ABC shoes pvt Ltd නමින් ෆේස්බුක් පිටුවක් ද ඔහු සතු විය. ඔහුගේ ෆේස්බුක් පිටුවට හොඳ පාරිභෝගික පිරිසක් සිටි අතර ඔහු ෆේස්බුක් පිටුව හරහාද ව්‍යාපාර කටයුතු වල නිරත විය.

දිනක් ශානකට ෆේස් බුක් ප්‍රතිපත්ති, Facebook policies for business ලෙස පිටුවකින් දැනුම් දීමක් (නොටිෆිකේෂන්) ලැබුණු අතර බැලූ බැල්මට එය ෆේස්බුක් ආයතනයෙන් පවත්වා ගෙන යන ලද බවක් දිස්විය. ශානකගේ ව්‍යාපාරයද එහි පෝස්ට් එකක අඩංගු කර තිබුණි.

එම පෝස්ට් එකේ සටහන් වූයේ “ඔබේ ව්‍යාපාරය Facebook හි සාර්ථකව සිදු නොවන බවට අපට තොරතුරු ලැබී ඇත, ඔබේ පිටුව ඉහළ නැංවීමට සහ පාරිභෝගික පදනම වැඩි කිරීමට කරුණාකර ඔබේ පිටුවේ පිවිසුම් තොරතුරු ලබා දෙන්න

ශානකට මේ ගැන සැක හිතිලා , හිතවතී එකේ වැඩ කරන එයාගෙ යාළුවෙක්ට කතා කළා. මේ ගැන හොයලා බලපු ශානකගේ යාළුවා එයාට උපදෙස් දුන්නේ කිසිවිටෙක කිසිවෙකුට පිවිසුම් තොරතුරු ලබා දෙන්න එපා කියලා . ඒ වගේම ඔහු මෙම පිටුව වාර්තා කරලා ෆේස්බුක් වෙතින් එය ඉවත් කරා.

පුර්වාරක්ෂක ඉඟි:

  • කිසිම සමාජ මාධ්‍යයක, විද්‍යුත් තැපැල් ගිණුමක පිවිසුම් තොරතුරු කිසිවෙකුට ලබා නොදෙන්න
  • Facebook සහ අනෙකුත් සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් තැපැල් ගිණුම් සඳහා සාධක දෙකක සත්‍යාපනය (Two factor authentication) සක්‍රීය කරන්න
  • සියලුම සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපැල් ගිණුම් සඳහා සැමවිටම ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) භාවිතා කරන්න
  • බොහෝ ව්‍යාජ පිටු ඇති බැවින් ඔබ අනුගමනය කරන ෆේස්බුක් පිටු වල සත්‍යතාවය සෑම විටම දෙවරක් පරීක්ෂා කරන්න.