අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17

ආර්ථික වශයෙන් දුෂ්කර කාලයක් ගෙවමින් සිටි සම්පත් ජයවර්ධනට දවසක් පුදුම සහගත ඊමේල් එකක් ලැබුණා. එමගින් කියා තිබුණේ ඔහු පේපෑල් (PayPal) හරහා ඔන්ලයින් සාප්පුවකට යම් මුදලක් ගෙවා ඇතත් කිසිවක් ඕඩර් කර නැති බවයි. මේ ගෙවීම ඔහුට අවුල් සහගත (dispute) නම්, ඉදිරි දින 180 ඇතුළත ඒ සල්ලි නැවත ලබා ගත හැකි බව පැහැදිලි රිසිට්පතකුත් සමග එහි සඳහන් විය.

ඔහු කිසි විටෙකත් එවැනි ගෙවීමක් නොකළ බව ඔහුට හොඳටම විශ්වාසයි. නමුත් මොකක් හරි බොරු හේතුවක් කියා සල්ලි ආපසු දෙන මෙන් ඉල්ලිය හැකි මේ අවස්ථාව, ඔහුට ඉතා වාසිදායක බවක් පෙන්වයි. කෙසේ වෙතත්, ඒ සමඟම වෙනත් අයෙකු තම පේපෑල් ගිණුම භාවිතා කරමින් මෙම ගෙවීම සිදු කළාද යන්න ගැනත්  ඔහුගේ සිතට වද දෙන්නට පටන් ගත්තා. මේ නිසා, ඔහුට කාරණය පරීක්ෂා කර පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වූණා. ඉන්පසු ඔහු එම ඊමේල් ලිපින සහ ලින්ක්ස් හොඳින් පරීක්ෂා කර බැලුවා. කෙසේ වෙතත්, සම්පූර්ණ කාරණය සැක සහිත නිසා ඔහු එහි සඳහන් කිසිම ලින්ක් එකක් ක්ලික් කරේ නැහැ.

සම්පත්ට ලැබුණු ඊමේල් පණිවිඩය පහත පරිදි වේ.

From: service@paypal.com.au <payment-dispute2@asiiaps-01.com>
Sent: Thursday, 7 November 2019 14:48
To:
Subject: You have 180 days from the date of your PayPal payment to open a dispute for eligible transactions – Receipt for your payment to Mirenesse.

මුලින්ම ඔහු දැක්කේ ඊමේල් ලිපියේ ඇති ‘From’ ඊමේල් ලිපිනය (< > සලකුණු තුළ ඇති), ඇත්ත පේපෑල් ඊමේල් වසම (domain) වන ‘paypal.com’ නොවන බවයි.

තව දුරටත් මේ ගැන තහවුරු කර ගන්න ඔහු අනෙක් ලින්ක්ස් ද විවෘත නොකර, ඒවා රයිට්-ක්ලික් කර කොපි කර ගෙන, නෝට් පෑඩ් එකක පේස්ට් කර (එවිට අදාල ලින්ක් එක ඇත්තටම යොමුවෙන්නේ කොතනටද කියල පේනවා) එම ලින්ක් වල සැබෑ ස්ථාන (real locations) පරීක්ෂා කර බැලුවා. එම ලින්ක්ස් සියල්ලම යොමු කෙරෙන්නේ පරිශීලක අක්තපත්‍ර (user credentials) එනම් පරිශිලක නම / මුරපද (user name / password) වැනි දෑ ඉල්ලා සිටින පේපෑල් වෙබ් අඩවියේ පිටු ලෙස සැකසු ව්‍යාජ වෙබ් පිටු වෙතයි. ඊමේල් එකේ තිබූ ලින්ක්ස් පරීක්ෂා කිරීමට ඔහු ඉවසිලිවන්තව කටයුතු කළ නිසා, වංචාකරුවන්ට (scammers) හසු නොවී බේරීමට ඔහුට හැකියාව ලැබුණා.

පූර්ව ආරක්ෂක ඉඟි: