අවසන් වරට යාවත්කාලීන කලේ 2023/04/25

2023 ජනවාරි 20 සිව්වන වෙළුම – 01 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

ඩොක්සිං (doxxing)


තර්ජනාත්මක පුද්ගලයෙකු විසින් යමෙකුගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හරහා ඩොක්සිං සිදු වේ. ඩොක්සිං කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ හුවමාරු වන තොරතුරු හා සම්බන්ධ පුද්ගලයාට හිරිහැර කිරීමයි.
නම, ජංගම දුරකථන අංකය, නිවසේ ලිපිනය, මූල්‍ය දත්ත, පින්තූර, වීඩියෝ, පවුලේ විස්තර සහ රැකියා ස්ථානය පිළිබඳ තොරතුරු එලෙස ප්‍රකාශයට පත් කළ හැකි තොරතුරු කිහිපයකි. බොහෝ ඩොක්සිං ප්‍රහාර සිදු වන්නේ සමාජ මාධ්‍යවල නාඳුනන පුද්ගලයින් සමඟ ඇති වන ආරවුල් හේතුවෙනි.

 

ඔබ දැන සිටියාද?

දත්ත කඩකිරීමක සාමාන්‍ය පිරිවැය 2023 දී ඩොලර් මිලියන 5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
https://www.acronis.com

2022 දී ගූගල් හරහා වැඩිපුරම සෙවූ (සර්ච් කළ) දේ
https://technews.lk

කෘත්‍රීම බුද්ධි යෙදුම් (AI ඇප්ස්) සඳහා ගෝලීය වෙළඳපොළ 2025 වන විට ඩොලර් බිලියන 190 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
https://securityboulevard.com

2022 වර්ෂය අවසන් වන විට ටැබ්ලට් අලෙවිය ඩොලර් බිලියන 64 කට ආසන්න විය යුතුයි.
https://techjury.net

 

2023 දී වැදගත් වන සයිබර් ආරක්ෂණ උපදෙස්

 

1. සයිබර් ආරක්ෂාව ගැන මුලින්ම ඔබ දැනුවත් වන්න
2. සැක සහිත ගොනු (ෆයිල්) සහ ඊමේල් වලින් පරිස්සම් වන්න
3. ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) භාවිතා කරන්න, ඒවගේම ඒවා වරින් වර වෙනස් කරන්න
4. ප්‍රති-වයිරස් මෘදුකාංග (ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා) සහ අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) වලින් ආරක්ෂා කරන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කර ගන්න
5. VPN සහ Firewall (ෆයර්වෝල්) භාවිතා කරන්න
6. නිරතුරුව දත්ත බැකප් (Backup) කරන්න
7. පුද්ගලිකත්වය හඳුනා ගත හැකි තොරතුරු (PII) පුද්ගලිකව තබා ගන්න
8. ද්වි සාධක සත්‍යාපනය (ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / 2FA) භාවිතා කරන්න
9. පුද්ගලික සහ රහස්‍ය ක්‍රියාකාරකම් සඳහා පොදු Wi-Fi භාවිතා කිරීමෙන් වළකින්න
10. යාවත්කාලීන (අප්ඩේට්) කළ යෙදුම් සහ මෘදුකාංග භාවිතා කරන්න
11. ආරක්ෂිත සන්නිවේදන යෙදුම් (ඇප්) භාවිතා කරන්න
12. ඔබට SMS හෝ සමාජ මාධ්‍ය හරහා ලැබුණු සබැඳි (ලින්ක්) ක්ලික් කරන්න එපා

 


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Fortinet FortiOS SSL-VPN හි බරපතල අවදානම
මෙම අනතුරු ඇඟවීම තම පරිශීලකයින් සඳහා දුරස්ථ ප්‍රවේශය (රිමෝට් ඇක්සෙස්) පහසු කිරීමට FortiOS යොදවන ආයතනවලට අදාළ වේ.
https://www.cyber.gov.au

CISA විසින් තර්ජනාත්මක අවදානම් (vulnerabilities) දෙකක් හඳුනාගත් නාමාවලියට එක් කරයි
මෙවැනි අවදානම් නිරන්තරයෙන් ද්වේෂ සහගත සයිබර් ක්‍රියාකාරීන් සඳහා ප්‍රහාරක වාහකයන් වන අතර ෆෙඩරල් ව්‍යවසායයට සැලකිය යුතු තර්ජනයක් ඇති කරයි.
https://www.cisa.gov

Linux Kernel හි නොමිලේ දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ බරපතල අවදානම
ksmbd සක්‍රීය කර ඇති විශේෂිත ලිනක්ස් kernel අනුවාදවල දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ බරපතල අවදානමක් Zero Day Initiative (ZDI-22-1690) හරහා අනාවරණය වී ඇත.
https://digital.nhs.uk


සයිබර් පුවත්

 

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට කෘත්‍රීම බුද්ධි (AI) තාක්ෂණය එක් කෙරේ

2023 වසරේදී 8 ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
https://sinhala.adaderana.lk

BitRAT අනිෂ්ට මෘදුකාංග ඩවුන්ලෝඩ් කරවීම සඳහා මිනිසුන් රවටා පෙළඹවීමට හැකර්වරුන් සොරකම් කරන ලද බැංකු තොරතුරු භාවිතා කරයි

BitRAT නම් හානිකර දුරස්ථ ප්‍රවේශ ට්‍රෝජන් (trojan) එකක් ඇතුළු කිරීමට වින්දිතයින් පොළඹවා ගැනීම සඳහා බැංකුවකින් සොරකම් කරන ලද සංවේදී තොරතුරු භාවිතා කරන නව අනිෂ්ට මෘදුකාංග ව්‍යාපාරයක් නිරීක්ෂණය වී ඇත.
https://thehackernews.com

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත ඇසුරින් රුපියල් මිලියන 5 ක් වංචා කළ 18 හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනී

ඔහු ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු සොරකම් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මෙක්සිකෝව සහ ආර්ජන්ටිනාව යන රටවල අයගෙන් වනඅතර එමඟින් අන්තර්ජාලය හරහා මිල අධික මත්පැන් වර්ග, සුවඳ විලවුන්, සන්නාමලත් ඇඳුම් අයිතම සහ මිල අධික ආහාර ද්‍රව්‍ය වැනි භාණ්ඩ මිලදී ගෙන ඇත.
https://www.lankadeepa.lk

ක්‍රිකට් වෙබ්අඩවියක් ඉතා පහසු උඩ පන්දුවක් අත්හැරියා වගේ පරිශීලක දත්ත හෙළිදරව් කරයි

ක්‍රිකට් ප්‍රජාව සඳහා වන මෙම වෙබ්අඩවියෙන් 100,000 කට අධික පුද්ගලික පාරිභෝගික දත්ත සහ ඇඩ්මින් පිවිසුම් තොරතුරු නිරාවරණය කර ඇත.
https://cybernews.com


සත්‍ය කතා

උදව් කරන මුවාවෙන් ඇවිත්…

 

චාරුකී උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. එයා පාසලේ ඉතා ක්‍රියාශීලී වගේම ගොඩක් සමිති / සමාජවල සාමාජිකාවක් වුණා. ඒ නිසා උසස් පෙළ විභාගය ඉවර වෙලත් එයා වැඩි කාලයක් ගත කළේ පාසලේ. විවිධ සමාජවලින් සංවිධානය කරපු උත්සව සඳහා උපකාර කරන්න එයා ගොඩක් වෙලාවට පාසලට ගියා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

ටීන්ස් හබ් (Teens Hub) නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය

Resiliency Initiative අනුග්‍රහයෙන් හිතවතී ව්‍යාපෘතිය හරහා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඇරඹී හිතවතී ටීන්ස් හබ් (Teens Hub) නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය පසු ගිය 16 වන දින ගලේවල අධ්‍යාපන කලාපයේ දඹුල්ල ඉනාමළුව විද්‍යාල භූමියේදී සනිටුහන් කරන ලද අතර ආරාධිත අමුත්තන් ලෙස LK ‌ඩොමේන් රෙජිස්ට්‍රියේ ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, ගලේවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙනුවෙන් ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානාධිපති විජේකෝන් බණ්ඩා මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂිකා වාසනා එදිරිසූරිය මහත්මිය (ඔන්ලයින්), ගලේවල අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක ධම්මික සෝමදාස මහතා, ගලේවල අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසැල් 11ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන් සහ ටීන්ස් හබ් නායක සිසු දරු දැරියන් සහභාගී විය.

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – සුජාතා විද්‍යාලය, බදුල්ල

2023 ජනවාරි 11 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල සුජාතා විද්‍යාලයේ පයිතන් පුහුණු වැඩමුළුවේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන MAC පරිගණක පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද අතර සැසිය සඳහා පාසලේ විදුහල්පතිතුමා, සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 40 දෙනෙකු පමණ සහභාගී විය.

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර


2023 ජනවාරි 17 වැනි දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම විද්‍යාලය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සිසු සිසුවියන් සහ ගුරුභවතුන් 200ක් පමණ සහභාගී වූහ.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

හෙලෝ වර්ල්ඩ් (Hello, World!) (2016)


මෙය සම්මාන දිනූ කෙටි චිත්‍රපටයකි (Shot on GH4). පිරිමි ළමයෙකුට ඔහු ගෙදර වැඩ කරමින් සිටිය දී අමුතු දෙයක් හමු විය… එය ඔහු දන්නා පරිදි යථාර්ථය වෙනස් කරන බව පෙනෙන කේත රේඛාවකි.
https://www.youtube.com/watch?v=egQH4vM1q1A

ගැජට්

 

 

ඩෙත් ස්ට්‍රෑන්ඩිං මේස ලාම්පුව (Death Stranding Desk Lamp)

මෙය Death Stranding Odradek උපාංගයේ ආධාරයෙන් නිර්මාණය වී ඇති ස්මාර්ට් මේස ලාම්පුවක් වන අතර ආලෝකය විහිදුවන තල පහක එකතුවකින් සමන්විත වේ.

https://www.hackster.io/wyx269263336/death-stranding-desk-lamp-ae5f71

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.

සිංහල තේරුම :
• අර මනුස්සයෙක්ද ඉන්නෙ?
• නැහැ අනේ, ඒ ගැන වද වෙන්න එපා, ඒ පඹයෙක්නෙ.
• ඔයා කොහොමද කියන්නේ ඒ පඹයෙක් කියල?
• එයා එයාගෙ ෆෝන් එක දිහා බලන්නෙ නැහැනෙ
• අහෝ දෙවියනේ!

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.