අවසන් වරට යාවත්කාලීන කලේ 2021/11/20

2021 නොවැම්බර් 20 වෙළුම 02 කලාපය 11

හිතවතී මාසික සඟරාව

අමාරු Password ලේසියෙන් මතක තියා ගන්නේ කොහොමද?

නිවසක, කාමරයක, අල්මාරියක යතුරක් භාවිතයෙන් අපේ පෞද්ගලික දේවල් ආරක්ෂා කර ගත හැකි ආකාරයටම ඩිජිටල් ලෝකයේ අපගේ phone එක, computer එක, e-mail ගිණුම, Facebook, Youtube, LinkedIn, Twitter, වැනි ගිණුම් විතරක් නෙවෙයි- ඔබේ බැංකුගිණුම් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යොදාගන්නා ඉලෙක්ට්‍රොනික යතුර වන්නේ “ මුරපදය නැත්නම් Password” එකයි.

ඔබේ නිවසේ, කාමරයේ හෝ කබඩ් එකේ යතුර, මල්පෝච්ච්ය යට හෝ පාපිස්ස යට වගෙ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් තැනක තිබ්බොත් ඒක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. ඒ වගේම password එක ලේසියෙන්ම guess කරන්න පුළුවන් නම්, ඔබගේ e-mail ගිණුම, Facebook ගිණුම හෝ බැංකුගිණුම් වුවත් ලේසියෙන්ම හැක් වෙන්න පුළුවන්.

 

did-you-know-si

ඔබ දැන සිටියාද?

    • 2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 141.7% ට සමාන විය.
      https://datareportal.com/reports/digital-2021-sri-lanka
    • 2025 දී ලොව පුරා සයිබර් රක්ෂණ වාරිකවල ඇස්තමේන්තුගත වටිනාකම – ඇමරිකානු ඩොලර් මිලියන 20කි. (20bn USD)
      https://www.statista.com/markets/424/topic/1065/cyber-crime-security/#overview
    • 2019 අප්‍රේල් සිට 2021 ජුනි කාලය තුලදී, වත්මන් COVID-19 වසංගත තත්වය නිසා සෑම දෙනාටම තම නිවෙස් වලට වී සිටීමට සිදු වූ නිසා ගිණුම් පවරා ගැනීමේ (ATO – Account Take Over) ප්‍රහාර 307% කින් වැඩි වී තිබේ.
      https://www.helpnetsecurity.com/2021/10/06/ato-attacks-increased/
    • බ්රූට් ෆෝස් ප්‍රහාරය (Brute-Force Attacks) ඉලක්ක කරන්නේ, ඩේටා කාඩ් ත්‍යාග ලෙස ලබා දෙන බවට පණිවිඩ යවම්නි. ප්‍රහාරකයන් දිනකට ලක්ෂයක පමණ පිරිසකට මෙසේ ත්‍යාග ගබා දෙන බව සඳහන් කරමින් කෙටි පණිවිඩ යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී. මෙ ය පර්යේෂක කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලද්දකි.
      https://threatpost.com/attacks-inboxes-gift-card/169187/
    • ෆිඩෝ අලායන්ස්(FIDO Alliance’s) මගින් සිදුකරන ලද තාක්ෂණික සබැඳි සත්‍යාපන මාන(Online Authentication Barometer) වාර්තාවට අනුව, අවම වශයෙන් පාරිභෝගිකයින්ගෙන් 25%ක් මේ වන විට යම් ප්‍රමාණයකින් සබැඳි සත්‍යාපනය (online authentication) සඳහා ප්‍රධාන ක්‍රමවේදය ලෙස biometrics තාක්ෂණය භාවිතා කිරීමට පටන් ගෙන ඇත.
      https://venturebeat.com/2021/10/31/report-at-least-25-of-consumers-use-biometrics-for-online-security/
tip-of-the-month-si

මාසයේ ඉඟිය

ඔබේ පෞද්ගලික තොරතුරු (පාස්වර්ඩ්) ලීක් වෙලාද?

“පෝ(වු)න්ඩ්” “Pwned” යනු කුමක්ද?
ඔබගේ පෞද්ගලික තොරතුරු අවදානමකට හෝ දත්ත උල්ලංගණය කිරීමකට ලක්වී ඇත්දැයි ඔබගේ ඉමේල් ලිපිනය භාවිතයෙන් පරීක්ෂා කර බලන්න.

මෙම වෙබ් අඩවිය https://haveibeenpwned.com/ හරහා ඔබට ඒ බව පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම සේවාව හරහා අවදානමට ලක්වූ ගිණුම් ගණනාවක් එක්රැස් කර විශ්ලේෂණ කටයුතු සිදු කරන අතර පරිශීලකයින්ට ඔවුන්ගේ දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කිරීමෙන් ඔවුන්ගේ තොරතුරු ලීක් වී ඇත්දැයි සෙවීමට ඉඩ ලබා දී තිබේ.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Google Chrome සඳහා ආරක්ෂක යාවත්කාලීන කිරීමක් නිකුත් කරයි

Google විසින් Windows, Mac සහ Linux සඳහා Chrome අනුවාදය 96.0.4664.45 නිකුත් කර ඇත. මෙම අනුවාදය බලපෑමට ලක් වූ පද්ධතියක පාලනය ගැනීමට ප්‍රහාරකයෙකුට උපයෝගී කර ගත හැකි අවදානම් ආමන්ත්‍රණය කරයි.
https://us-cert.cisa.gov/ncas/current-activity/2021/10/29/google-releases-security-updates-chrome

ඇඟවීම අංක (AA21-291A) – බ්ලැක් මැටර් රැන්සම්වෙයාර් (BlackMatter Ransomware)

BlackMatter යනු ransomware සේවාවක් ලෙස (Raas) භාවිතා වන මෙවලමක් වන අතර එය මගින් රැන්සම්වෙයාර් (ransomware) සාදන්නන්ට සයිබර් අපරාධ වලට සම්බන්ධ අයගෙන් සයිබර් අපරාධ හරහා ලාභ ලබා ගැනීමේ ක්‍රමවේදයකට අනුව සකස් කර තිබේ. (උදාහරණ ලෙස, BlackMatter actors)
https://us-cert.cisa.gov/ncas/alerts/aa21-291a

Cisco විසින් බහු නිෂ්පාදන සඳහා ආරක්ෂක යාවත්කාලීන කිරීම් නිකුත් කරයි

Cisco විසින් ඔවුනගේ නිෂ්පාදන කිහිපයක ඇති දුර්වලතා විසඳීම සඳහා ආරක්ෂක යාවත්කාලීන කිරීම් නිකුත් කර ඇත. දුරස්ථ ප්‍රහාරකයෙකුට බලපෑමට ලක් වූ පද්ධතියක් පාලනය කිරීම සඳහා මෙම දුර්වලතා උපයෝගී කර ගත හැකිය.
https://us-cert.cisa.gov/ncas/current-activity/2021/10/28/cisco-releases-security-updates-multiple-products

සයිබර් පුවත්

Cyber-Warfare සඳහා ශ්‍රී ලංකාව සූදානම් විය යුතුය

චීනය, රුසියාව, එක්සත් ජනපදය හා ඉන්දියාව සමඟ සසඳන විට ශ්‍රී ලංකාව ඉතා කුඩා දූපතක් වුවත් ශ්‍රී ලංකාවේ විශේෂඥ දැනුම වර්ධනය කර ගන්නේ නම්, සයිබර් යුද්ධයේදී අප රට අනෙක් සියලුම රටවල් හා සමාන වනු ඇතැයි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි බදාදා ප්‍රකාශ කළේය.
https://www.newsfirst.lk/2021/10/14/sri-lanka-should-be-ready-for-cyber-warfare-subramanian-swamy/

ෆේස්බුක් (Facebook) නවතම නම Meta ලෙස වෙනස් වෙයි

ෆේස්බුක් හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය සමාගමේ උත්සවයක දී එහි නවතම නම “මෙටා (Meta)” ලෙස වෙනස් වූ බව නිවේදනය කළේය. නමුත් ෆේස්බුක් (Facebook) සමාජමාධ්‍ය ජාලයේ නම වෙනස් නොවේ.
https://www.theverge.com/2021/10/28/22745234/facebook-new-name-meta-metaverse-zuckerberg-rebrand

WhatsApp Beta නව විශේෂාංගයක් ගෙන එයි – Android භාවිතා කරන්නන් සඳහා Status updates නිෂ්ප්‍රභා කිරීමට(Undo) හැකියාව ලැබෙනු ඇත

Google Play බීටා වැඩසටහන හරහා, WhatsApp විසින් 2.21.22.6 යාවත්කාලීන කරන ලද අනුවාදයක් හඳුන්වා දී ඇත.
මෙම විශේෂාංගය තත්ත්‍ව යාවත්කාලීන කිරීම නිෂ්ප්‍රභා කිරීම – Undo Status Update ලෙස නම් කරයි .
https://www.digitalinformationworld.com/2021/10/whatsapp-beta-brings-in-new-feature.html


සත්‍ය කතා

බිඳුණු විවාහයක ප්‍රතිඵලය!!!!


පාසල් යන කාලයේ රසිකා පිරිමි ළමයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තා. උසස්පෙළ අවසන් වූ පසු රසිකා සහ ඇය යාලු වෙලා ඉන්න පිරිමි ළමයයි පරිඝණක පාඨමාලාවකට ලියාපදිංචි වුනා. අවුරුදු 3ක් පමණ කාලය ගත වෙද්දී දෙන්නගෙ සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වුණා. ඔවුන් දෙදෙනාට විවාහ වීමට අවශ්‍යතාවය තිබුණත්, රසිකාට අවු.18 සම්පූර්ණ වීමට තව අවුරුද්දක් තියෙනවා.

දෙදෙනාම ඔවුන්ගේ දෙමාපියන්ට මේ සම්බන්ධය ගැන කිව්වා. රසිකාගේ දෙමාපියන් වැඩි කැමැත්තක් නොදැක්වූ නිසා ඉක්මනින්ම විවාහ වෙන්න තීරණය කළා. කාලය ඉතා වේගයෙන් ගෙවී යනවාත් එක්කම රසිකා 18 වන වියට ළඟා වුනා. රසිකාගේ දෙමාපියන් ඇගේ උපන්දිනය ඉතා ඉහලින් සමරන්න සූදානම් වුණා.…

 

සම්පූර්ණ කතාව කියවන්න….

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

2021 ඔක්තෝබර් 30 වන දින හිතවතී ව්‍යාපෘතිය විසින් “දත්ත වල පෞද්ගලිකත්වය හා ඩිජිටල් පා සටහන” මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ වෙබිනාර් වැඩසටහනක් පවත්වන ලද අතර මෙය හිතවතී ෆේස්බුක් හරහා සහ යූටියුබ් නාලිකාව හරහා සජීවී ලෙසද විකාශනය කරන ලදී. මේ සඳහා 60කට අධික පිරිසක් සහභාගී විය. පහත ලින්ක් එක හරහා ඔබට වෙබින් සැසියේ වීඩියෝ වෙත පිවිසිය හැක.
https://www.youtube.com/playlist?list=PLqZ1JpaIpm9i2BSiwQ2bzbeGd4Z3tw45U

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න

චිත්‍රපට ඉඟිය
ලෝ ඇන්ඩ් බීහෝල්ඩ්: රෙවරීස් ඔෆ් ද කනෙක්ටඩ් වර්ල්ඩ්
( Lo And Behold: Reveries of the Connected World)


ලෝ ඇන්ඩ් බීහෝල්ඩ්: රෙවරීස් ඔෆ් ද කනෙක්ටඩ් වර්ල්ඩ් යනු, වර්නර් හර්සොග් (Werner Herzog) විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2016 වසරේ ඇමරිකානු වාර්තා චිත්‍රපටයකි. එහි දී, හර්සොග්(Herzog )අන්තර්ජාලය, රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය, අන්තර්ජාලයේ දේවල් සහ තවත් මිනිස් ජීවිතයට ඇති පැවැත්මේ බලපෑම ගැන අවධාරණය කරයි.

https://www.youtube.com/watch?v=kUQ5eiexUnE

ගැජට්
අඳ පුද්ගලයන් සඳහා තුන්වන ඇස
(Third Eye for The Blind)

දැනට පවතින තාක්‍ෂණයන්හි ඇති සියලුම ගැටලු විසඳන, අන්ධ පුද්ගලයින් සඳහා පැළඳිය හැකි පළමු තාක්‍ෂණය මෙයයි.

https://www.hackster.io/muhammedazhar/third-eye-for-the-blind-8c246d

cartoonnov

(සිංහල තේරුම : ඔබට වාද කිරීමට අවශ්‍යද? මම සූදානම් , මම මගේ කැප්ස්ලොක් ඔන් කරා… )
ඔබ කෙනෙක්ට යවන වචනය ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් පමණක් ටයිප් කරයි නම් ඉන් අදහස් වන්නේ ඔබ එම වචන යවන කෙනාට තදින් (බැනීම)කතාකරන බවයි

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.