අවසන් වරට යාවත්කාලීන කලේ 2022/02/19

2022 පෙබරවාරි 20 වෙළුම 03 කලාපය 02

හිතවතී මාසික සඟරාව

ටෙලිග්‍රෑම් (Telegram)හි නුසුදුසු දෑ
වාර්තා (රිපෝට්) කිරීම


ටෙලිග්‍රෑම් (Telegram) කියන්නේ වර්තමානයේ නොමිලේ ඇමතුම්, පණිවිඩ (මැසේජ්) යැවීම සහ වේගවත් ලෙස ගොනු (ෆයිල්) හුවමාරු කර ගත හැකි ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමක් (ඇප් එකක්). මෙම යෙදුම ඔබේ උපාංග ඕනෑම ගණනක එකවර භාවිතා කළ හැක. අනෙකුත් බොහෝ පණිවිඩ යෙදුම්වල මෙන්, ටෙලිග්‍රෑම් යෙදුමෙත් නුසුදුසු දේවල් සිදු විය හැක. එවැනි ගැටළු වාර්තා කරන්නේ කෙසේදැයි කියා ටෙලිග්‍රෑම් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ටෙලිග්‍රෑම් හි නීති විරෝධී අන්තර්ගතයන් රිපෝට් කරන්නේ මෙසේය.


ඔබ දැන සිටියාද?

 

    • ගෝලීය සමස්ත සමාජ මාධ්‍ය භාවිතය සෑම තත්පරයකටම නව පරිශීලකයින් 16½ ක වේගයකින් වැඩි වේ
      https://datareportal.com/reports/digital-youth-in-south-east-asia-2021
    • ගෝලීය වශයෙන් මිනිත්තුවකට වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ මිලියන 41.7 ක් පුද්ගලයන් අතර හුමවමාරුවෙන අතර අතර හඬපට හෝ වීඩියෝ (voice/video calls) ඇමතුම් ගනණ විනාඩියකට මිලියන 1.39 කි.
      https://www.statista.com/markets/424/topic/2494/communications/#overview
    • සිසුන් සයිබර් හිංසනයට ලක්වු විට , ඔවුන් සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සම්භාවිතාව වැඩිහිටි පුදුගලයන්ට සාපේක්ෂව දෙගුණයක් පමණ වේ.
      https://dataprot.net/statistics/cyberbullying-statistics/


සයිබර් හිරිහැර කිරීමේ සලකුණු

ඔබේ දරුවා / ලඟම කෙනෙකු හිරිහැරයට ලක් වෙනවාදැයි ඔබ දැන ගන්නේ කෙසේද?

  • අන්තර්ජාලය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් පසුව කනස්සලු හෝ නොසන්සුන් ලෙස හැසිරීම (ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය හැසිරීම වෙනස් වීම)
  • පෞරුෂත්වයේ විවිධ වෙනස්වීම් ඇතිවීම මෙන්ම , නිරන්තරයෙන් හුදකලාව සිටීම, කනස්සල්ලෙන් සිටීම සහ අනවශ්‍ය ලෙස කෝපය ඇති වීම
  • හුදකලාව සිටීමට කැමැත්තක් දැක්වීම සහ පීඩාවට පත් වූ මානසික තත්වයකින් සිටීම
  • මිතුරු කණ්ඩායම්වල අනපේක්ෂිත වෙනස්කම්
  • පාසලේ මෙන්ම අධ්‍යාපන කටයුතු වලට ඇති උනන්දුවේ අඩුවීමක් ඇති වීම
  • නිදා ගන්නා රටාවේ යම් යම් වෙනස්වීම්
  • පාසල් යාමට සහ විවිධ සමිති සංවිධාන වලට සහභාගී වීම් මග හැරීම
  • ශාරීරික සෞඛ්‍යයේ පිරිහීමක් ඇති වීම
  • රහසිගත ලෙස අන්තර්ජාලය භාවිතයට සහ ජංගම දුරකථන භාවිතයට පෙළඹීම

වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

එකම අවදානම්/අනතුරක් සහිත ප්ලගින් තුනකින් වර්ඩ්ප්‍රෙස් අඩවි වලට බලපෑම් එල්ල වෙයි.

යම් වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියක ඇඩ්මිනිස්ට්‍රේටර් වරයෙකු රවටා, ලින්ක් එකක් ක්ලික් කිරීම වැනි ක්‍රියාවකට යොමු කිරීම මගින් එම වෙබ් අඩවියෙන් එක් එක් තැන්වල වෙනස්කම්/යාවත්කාලිනවීම් සිදු කිරීමට මෙම අවදානම හරහා ප්‍රහාරකයෙකුට හැකියාව ඇත
https://www.cert.gov.lk/view?lang=en&articleID=270

මේ නිවේදනය සම්බන්ධව හිතවතී විසින් තබන සටහන : වූ කොමර්ස් (WooCommerce) විසින් නිර්දේශ කරන්නේ woocommerce ප්ලගින් එක අවම වශයෙන් 5.5.2* සංස්කරණය හෝ ඊට ඉහල සංස්කරණයකට යාවත්කාලීන කරන ලෙසයි.
(https://woocommerce.com/posts/critical-vulnerability-detected-july-2021/ )

සොනික් වෝල් එස්.ඒම්.ඒ. 100 (SonicWall SMA 100) ශ්‍රේණියේ උපකරණවල දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ අවදානම පවතී

සොනික් වෝල් එස්.ඒම්.ඒ. 100 (SonicWall SMA 100) ශ්‍රේණියේ උපකරණවල අවදානමක් ඇතැයි (CVE-2021-20038) හඳුනාගෙන ඇත. මෙම දුර්වලතාවය ප්‍රයෝජනයට ගැනීමෙන් සයිබර් හැකර්වරයෙකුට දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීම සිදුකලහැකිය.
https://www.cyber.gov.au/acsc/view-all-content/alerts/remote-code-execution-vulnerability-present-sonicwall-sma-100-series-appliances

ඇපල් නිෂ්පාදන සඳහා ආරක්ෂක යාවත්කාලීන නිකුත් කරයි

විවිධ නිෂ්පාදනවල ඇති දුර්වලතා විසඳීම සඳහා Apple විසින් ආරක්ෂක යාවත්කාලීන කිරීම් නිකුත් කර ඇත. බලපෑමට ලක් වූ පද්ධතියක් පාලනය කිරීමට ප්‍රහාරකයෙකුට මෙම දුර්වලතා සමහරක් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ඇත.
https://www.cisa.gov/uscert/ncas/current-activity/2022/01/27/apple-releases-security-updates-multiple-products


සයිබර් පුවත්


වසර 2022 අවසානය වන විට මෙට් (Meta) අන් සියල්ල අභිබවා යා හැකි AI සුපිරි පරිගණකයක් හඳුන්වා දෙයි

ෆේස්බුක් (Facebook) හි මව් සමාගම වන මෙටා (Meta) තාක්‍ෂණික සමූහ ව්‍යාපාරය, AI සුපිරි පරිගණකයක් ගොඩනගා ඇති අතර, එය අද පවතින වේගවත්ම ක්‍රියාත්මක වන ඒවා අතර ඇති බවට ප්‍රකාශ කරමින් – 2022 අවසානය වන විට එය වේගවත්ම පරිගණකය බවට ප්‍රක්ෂේපණය කරන බවට පවසයි.
https://cybernews.com/news/meta-introduces-an-ai-supercomputer-that-could-outperform-all-others-by-the-end-of-2022/

පිෂිං ප්‍රහාර (phishing attacks) එල්ල කිරීම සඳහා වෙනස් කරන ලද QR කේත භාවිත බවට FBI අනතුරු අඟවයි

කිසියම් ගෙවීම් කටයුත්තක් සිදු කිරීමේදී හෝ ඉතා පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමේදී සුපරීක්ෂාකාරී වන ලෙස QR කේත භාවිතා කරන පුද්ගලයින්ට FBI විසින් අවවාද කර ඇත.
https://www.notebookcheck.net/FBI-warns-that-hackers-are-corrupting-QR-codes-to-conduct-phishing-attacks.594695.0.html

ගූගල් ක්ලවුඩ් (Google Cloud) හි G Suite Legacy නොමිලේ ලබාදුුුන් සංස්කරණය අවසන් වෙයි

ගූගල් ක්ලවුඩ් (Google Cloud) විසින් 2006 දී නොමිලේ ලබා දෙන ලද G-suite legacy සංස්කරණය 2012 දෙසැම්බර් මාසයේදී නව පරිශීලකයින් ඒ සඳහා ලියාපදිංචි වීම වලක්වන ලද අතර 2022 ජුලි 1 වෙනිදා සිට එම සේවාව සම්පුර්ණයෙන් නවතා දමයි
https://www.crn.com/news/cloud/end-of-the-line-for-google-cloud-s-g-suite-legacy-free-edition


සත්‍ය කතා

මානසික ආතතිය නිසා මැරෙන්න හිතුනා !!!!


ඉරේෂා ජීවත් වූයේ කුඩා ගමක ය . ඇය එහි සමාගමක ලිපිකාරිනියක ලෙස සේවය කලාය. ඇයට ඇගේ දෙවන මාසයේ වැටුපෙන් නව මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකි වූ අතර, ඈ ඒ හරහා Facebook, Instagram, Whatsapp/Viber වැනි සමාජ මාධ්‍ය යෙදුම් කිහිපයකට සම්බන්ධ වීමට ඉතා උනන්දුවෙන් සිටියා ය. ඒ අනුව ඈ සමාජ මාධ්‍ය ජාල භාවිතයට පෙළඹුනාය. මෙසේ මාස දෙක තුනක් ඈ ඉතා හොඳින් සමාජ මාධ්‍ය ජාල භාවිත කලාය. හදිසියේම ඉරේෂාට ඇගේ ෆේස්බුක් ගිණුම අක්‍රිය කිරීමට සිදු විය. ඒ ඇයට මුහුණ දීමට සිදු වූ නරක අත්දැකීමක් නිසා.

සම්පූර්ණ කතාව කියවන්න….

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

  • 2022 ජනවාරි 19 වැනි දින තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානය ‌ විසින්, නුවර ගුඩ්ශෙෆඩ් කාන්තා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකුට සහ ගුරුවරුන් සඳහා සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේදී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී.
  • 2022 ජනවාරි 27 වැනි දින LK ඩොමේන් ආයතනය හා සම්බන්ධ වී වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය විසින් ගලේවෙල අධ්‍යාපන කළාපයේ සිසුන් 50කට සහ ගුරුවරුන් සඳහා සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේදී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී.

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න

චිත්‍රපට ඉඟිය
ටේක්ඩවුන් (Takedown) – (2000)


කෙවින් මිට්නික් යනු ලෝකයේ හොඳම හැකර්වරයකු ලෙස සැලකිය හැකි පුද්ගලයෙකි . ඔහු තොරතුරු සෙවීමේ දැඩි උද්යෝගයකින් , දිතපතාම විවිධ සයිබර් කුසලාන ගැන සොයමින්, නිරන්තරයෙන් විශාල අභියෝග පසුපස හඹා යයි. මේ අතර ආරක්ෂක විශේෂඥයෙකුගේ සහ හිටපු හැකර්වරයෙකුගේ පරිගණකයට කඩා වැදුණු විට, ඔහු යම් විශේෂ යමක් සොයා ගනී – එපමණක් නොවේ ඊටත් වඩා වැඩියමක් …….
https://www.youtube.com/watch?v=NbgDMYy9mzM

ගැජට්
පැලෑටි සඳහා නවතම ජල සම්පාදන පද්ධතියක්
( Smart Plant Watering System)

 

පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කරමින් පසේ තෙතමනය පාලනය කරණය කරන, අන්තර්ජාලයට සම්බන්ධ ශාක වලට ජලය දැමීමේ පද්ධතියකි.

https://www.hackster.io/christian-chavez/smart-plant-watering-system-4547a7


සිංහල තේරුම :
වසර 5000කට පසු පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගනු ඇත්තේ මෙවැනි ඇටසැකිල්ලකි

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.