අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/20

2022 මැයි 20, තෙවන වෙළුම – 05 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

ෆැක්ට්‍රි රිසෙටිං (Factory Resetting) වැදගත් ද?


ඉලෙක්ට්‍රොනික උපාංග වල ෆැක්ට්‍රි රිසෙටිං (hard reset, hardware reset, master reset) යනු එම උපාංග වල දත්ත සියල්ල ඉවත් කර එම උපාංග යලි මුල් තත්ත්වයට පත් කිරීමයි. මෙමගින් එය මුලින් මිලදී ගැනීමේ දී තිබූ තත්ත්වයට පත් වේ.


ඔබ දැන සිටියාද?

 

  • ඔබ භාවිතා කරන ඇප්ස් හොඳින් නිරීක්ෂණය කලයුතු වේ, මන්ද සමික්ෂණ ප්‍රතිඵල අනුව පරිශීලකයින්ගෙන් 38% දෙනෙක්ම, ඔවුන් නොදැනුවත්වම තමන් සිටින ස්ථානය ඕනෑම කෙනෙකුට බැලිය හැකි ආකාරයට සකස් කර තිබීම ‌හේතුවෙන්.
    https://www.digitalinformationworld.com/2022/05/apps-come-under-serious-scrutiny-as-38.html
  • තොරතුරු පද්ධති විගණන සහ පාලන සංගමයේ (ISACA- Information Systems Audit and Control Association) සයිබර් ආරක්ෂණ රාජ්‍ය 2022 වාර්තාවට අනුව, ප්‍රතිචාර දැක්වූ අයගෙන් 63%කට සයිබර් ආරක්ෂණ තනතුරු සම්පූර්ණ කර නැත.
    https://www.helpnetsecurity.com/2022/05/11/offensive-mindset-cyber-defense/
  • වැඩිපුරම රූපවාහිනිය නරඹන රට මොකක්ද කියල දන්නවද? ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය.
    රූපවාහිනිය නැරඹීමට ගත කරන සාමාන්‍ය කාලය (දෛනිකව): මිනිත්තු 270.
    https://www.worldatlas.com/articles/which-country-watches-the-most-tv.html


යූ-ටියුබ් හි සංක්ෂිප්ත පින්තූරයක් (Thumbnail) වාර්තා කරන්නේ කෙසේද?

  1. වාර්තා කිරීමට කැමති සංක්ෂිප්ත පින්තූරය (thumbnail) වෙත යන්න.
  2. අදාල සංක්ෂිප්ත පින්තූරයට පහළින් , “More .” ක්ලික් කරන්න.
  3. “වාර්තා කරන්න” (Report) ක්ලික් කරන්න.
  4. “වාර්තා කිරීම සඳහා වන හේතුව” තෝරන්න.
  5. “වාර්තා කරන්න” ( Report) ක්ලික් කරන්න.

වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

F5 BIG-IP නිෂ්පාදන සඳහා ආරක්ෂක යාවත්කාලීන කිරීම් නිකුත් කරයි

F5 විසින් BIG-IP සහ BIG-IQ මධ්‍යගත කළමනාකාරිත්වය ඇතුළුව ඔවුන්ගේ සමහර ජාලකරණ නිෂ්පාදන සඳහා වන දුර්වලතා පිළිබඳ දළ විශ්ලේෂණයක් නිකුත් කර තිබේ.
https://digital.nhs.uk/cyber-alerts/2022/cc-4089

WSO2 API Manager, Identity Server & Enterprise Integrator හි ඇති සත්‍යාපනය නොකළ දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ (RCE- Remote Code Execution) දෝෂයක් සොයා ගන්නා ලදී

WSO2 API Manager, Identity Server, Enterprise Integrator හි කළමනාකරණ කොන්සෝලය තුළ තිබූ අත්තනෝමතික ලෙස ගොනු උඩුගත කිරීමක් සොයා ගන්නා ලදී. මෙම අවදානම (vulnerability) CVSSv3 දර්ශකයේ 10න් 9.8 ක් එනම් වඩාත් අවදානම් තත්වයක් ලෙස පෙන්නුම් කර ඇත.
https://www.techcert.lk/threat_bulletin/a-critical-unauthenticated-remote-code-execution-rce-flaw-found-in-wso2-api-manager-identity-server-enterprise-integrator/

ප්‍රහාරකයන් විසින් F5 BIG-IP RCE හි අවදානම් අයුතු ලෙස භාවිතයට ගැනීමට උත්සාහ කරයි

F5 BIG-IP බහුකාර්ය ජාලකරණ උපාංග/මොඩියුලවලට බලපාන තීරණාත්මක දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ දෝෂයක් වන CVE-2022-1388 සඳහා පර්යේෂකයන් විසින් PoC සූරාකෑම් සංවර්ධනය කර ඇත. පර්යේෂකයන් විසින් CVE-2022-1388 සඳහා PoC අයුතු ලෙස භාවිතයට ගැනීමේ (PoC exploits) ක්‍රමවේදයක් සොයාගෙන ඇති අතර එය F5 BIG-IP බහුකාර්ය ජාලකරණ උපාංග/මොඩියුලවලට බලපාන දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ දෝෂයක් වේ.
https://www.helpnetsecurity.com/2022/05/09/cve-2022-1388-poc-exploitation/


සයිබර් පුවත්

TikTok ආකාරයට වෙනස් පෙනුම වෙනස් කරන නමතම යෙදුම බවට twitter පත්වේ

Twitter හි ගවේෂණ පිටුවල (Explore page ) සැකැස්ම(ආකෘතිය) ටික්ටොක් හි ආකරයටම – ඒනම් ඒදෙක අතර වෙනසක් හඳනාගත නොහැකි ලෙසට සමාන වෙන විදියට වෙනස් කිරීමට,අත්හදා බැලීම් මාලාවක් සිදුකරගෙන යනු ලබයි.
https://www.digitalinformationworld.com/2022/05/twitter-becomes-latest-app-to-go-full.html

ලොව ධනවත්ම මිනිසා ට්විටර් මිලදී ගනී

මිලියන ගනනක් පරිශීලකයින් සහ ගෝලීය නායකයින් විසින් බහුලව භාවිතා කරන සමාජ මාධ්‍ය වේදිකාවක් වන Twitter හි පාලනය ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් (Elon Musk ) විසින් තමා වෙත පවරා ගැනීමට ඩොලර් බිලියන 44 ක මුදලකට ගිවිසුමක් අත්සන් කළේය.
https://www.reuters.com/technology/exclusive-twitter-set-accept-musks-best-final-offer-sources-2022-04-25/

“PayHere” වෙත අනවසර පිවිසුම (හැකිං) හරහා ගෙවීම් පිළබඳ ව වාර් තා මිලියන 1.5කට අධික ප්‍රමාණයක් හෙළිදරව් කර ඇත.

https://readme.lk/payhere-hack-over-1-million-compromised/

 

 


සත්‍ය කතා

දුව වෙනුවෙන් හැඬූ අම්මා


වයස අවුරුදු 17 ක් වූ සුසිලාගේ දියණිය, හානිකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොල්ලෙක් සමඟ රහසිගතව පෙම් පටලැවිල්ලක් ඇති කරගෙන තිබෙන බව දිනක් සුසිලාට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා. ඒ වන විට පාසල් අධ්‍යාපනය ලබමින් සිටි තම දරුවාගේ යහපත වෙනුවෙන් එය කඩා බිඳ දැමීමට ඇය වහා මැදිහත් වුණා. මේකට හොඳටම තරහ ගිය කොල්ලා සුසිලාට තර්ජනය කළේ ඔහු කෙසේ හෝ සුසිලාගෙන් පළිගන්නා බව අඟවමින්.

සම්පූර්ණ කතාව කියවන්න….

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

  • 2022 මැයි 05 වැනි දින වත්තේගම මධ්‍යමහා විදුහලේ පැවැත්වූ, තෙල්දෙණිය නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා සිසු දරුදැරියන් 42 ක් පමණ සහභාගී වූහ.

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය
ඩිස්කනෙක්ට් – 2012

 

ඔවුන්ගේ ජීවිතවලට නාට්‍යාකාර සිදුවීම් මාලාවකින් බලපෑම් ඇති වෙන අතර අසල්වැසියන් සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමේ වැදගත්කම අවබෝධ කර ගනී. ඔන්ලයින් සහ සැබෑ ජීවිතය අතර පරතරය සොයා ගැනීමට “ඩිස්කනෙක්ට්” නරඹන්න.
https://youtu.be/nn_LBEmDtqE

ගැජට්
කොරෝනා ගැන දැනගැනීමට පැළඳිය හැකි දුරස්ථ නිරීක්ෂකය
(Corona Wearable Distance Monitor)

 


මෙම සරල, එමෙන්ම පැළඳිය හැකි උපාංගය කොවිඩ් -19 වසංගත කාලවල දී කිසියම් පුද්ගලයෙකු මීටර 1කට වඩා ඔබ සමීපයට පැමිණියහොත් එහි වර්ණය සහ ශබ්දයේ තාරතාව වෙනස් කරයි.
https://www.hackster.io/random-stuff-we-make/corona-wearable-distance-monitor-7847d1

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.