අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/25

ෆැක්ට්‍රි රිසෙටිං (Factory Resetting) කියන්නේ කුමක්ද?

ඉලෙක්ට්‍රොනික උපාංග වල ෆැක්ට්‍රි රිසෙටිං (hard reset, hardware reset, master reset) යනු එම උපාංග වල දත්ත සියල්ල ඉවත් කර එම උපාංග යලි මුල් තත්ත්වයට පත් කිරීමයි. මෙමගින් එය මුලින් මිලදී ගැනීමේ දී තිබූ තත්ත්වයට පත් වේ.

ෆැක්ට්‍රි රිසෙටිං වල දී ඉවත් වන්නේ කුමන දත්ත ද?

  • සම්බන්ධතා (contacts)
  • පින්තූර සහ වීඩියෝ
  • යෙදුම් (ඇප්ස්)
  • කැෂ් (Cache)
  • උපාංගයේ සුරැකී (සේව් කර) ඇති ඕනෑම දෙයක්

ෆැක්ට්‍රි රිසෙටිං වල දී ඉවත් නොවන්නේ කුමක්ද?

  • අදාල උපාංගයේ මෙහෙයුම් පද්ධතිය (IOS, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස්)

ෆැක්ට්‍රි රිසෙටිං කිරීමේ වාසි මොනවාද?

  1. උපාංගයේ ඇති සියලුම දත්ත ඉවත් කිරීමට අවශ්‍ය වූ විටක, උදාහරණයක් ලෙස ඔබ උපාංගය විකිණීමට අදහස් කරන අවස්ථාවක
  2. දෝෂ සහිත උපාංගයක් අලුත්වැඩියා කිරීමට
  3. ඉවත් කිරීමට අපහසු වෛරස් හෝ ගොනු වැනි අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) ඉවත් කිරීමට
  4. මතක (මෙමරි) අවකාශය හිස් කිරීමට
  5. උපාංගය එහි මූල් (default) සැකසුම් වෙත ප්‍රතිස්ථාපනය කිරීමට
  6. උපාංග ෆ්‍රීස් වීම වැනි කාර්යක්ෂමතා ගැටළු නිරාකරණය කිරීමට

ඉහත ප්‍රතිලාභ සමගින්, ෆැක්ට්‍රි රිසෙටිං කිරීමේදී, එය ඉතා ප්‍රවේශමෙන් සිදු කල යුතුය. එයට හේතුව ඔබට අවශ්‍ය විය හැකි සියළුම දත්ත පවා මෙමගින් මකා දමන බැවින් සෑම උපාංගයක් සඳහාම එය සෑම විටම සුදුසු විසඳුමක් නොවේ.

අනෙක් අතට ෆැක්ට්‍රි රිසෙටිං කිරීමට පෙර ඔබේ දත්ත උපස්ථයක් (බැකප්) තබා ගැනීම හෝ එන්ක්‍රිප්ට් (ඇන්ඩ්‍රොයිඩ් හි) කිරීම නිර්දේශ කෙරේ.

මූලාශ්‍ර: https://www.thejournal.ie/factory-reset-device-1775280-Nov2014/
https://www.techopedia.com/definition/17154/factory-reset

අපගේ ඊළඟ ලිපියෙන් ඔබට උපාංග කිහිපයක ෆැක්ට්‍රි රීසෙටිං කරන්නේ කෙසේදැයි ඉගෙන ගත හැක.