අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/20

2022 ජූලි 20 තෙවන වෙළුම – 07 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

QR කේතයක් අනතුරුදායක විය හැකිද?


කොවිඩ් වසංගතය කාලේ වෙළඳසැලකට ඇතුල්වීම මෙන්ම විශ්වවිද්‍යාලයේ හෝ පාසලේ මාර්ගගත (ඔන්ලයින්) පැවරුම් ලබා ගැනීමට QR කේතයක් (කෝඩ් එකක්) ස්කෑන් කිරීම වර්තමානයේ නවතම ප්‍රවණතාවය වී ඇත. එය බොහෝ විට යෞවනයන් සහ සමහර වැඩිහිටියන් විසින් භාවිතා කරන පහසු මෙවලමකි. එහෙනම් අපි බලමු ඇත්තටම මොකක්ද මේ “QR කේතය” කියන්නේ කියලා.


ඔබ දැන සිටියාද?

 

  • ලෝකයේ වැඩිම අන්තර්ජාල ගනුදෙනු ප්‍රමාණයක් සිදුකරන රට කුමක්ද? ඉන්දියාව
    https://timesofindia.indiatimes.com
  • පසුගිය මාස හය තුළ, Certificate Authority Authorization -(CAA) විසින් භාවිතා කරන වෙබ් අඩවි සංඛ්‍යාවේ 13%ක වර්ධනයක් සිදු වී ඇති බව වාර්තා වේ.
    https://www.digitalinformationworld.com
  • පරිගණක ආශ්‍රිත කප්පම් ගෙවන්නන්ගෙන් 80%ක් දින 30ක් ඇතුළත නැවත (දෙවෙනි) ප්‍රහාරයට ලක්වේ.
    https://www.digitalinformationworld.com

හොඳම සහ ආරක්ෂිත ලෙස සැලකෙන වෙබ් බ්‍රවුසර් 05 වන්නේ

 

    1. බ්‍රේව් (Brave)
    2. මොzල්ලා ෆයර්ෆොක්ස් (Mozilla Firefox)
    3. ඩක්ඩක්ගෝ (DuckDuckGo)
    4. මයික්‍රෝසොෆ්ට් එජ් (Microsoft Edge)
    5. නෝස්ක්‍රිප්ට් එක්ස්ටෙන්ෂන් (NoScript extension)

වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

ඇඟවීම (AA22-174A)
අනිෂ්ට සයිබර් අපරාධකරුවන් ලෙස ක්‍රියාකරන්නන් VMware Horizonහි පද්ධති තුළ Log4Shell නමැති අපරාධය (අවභාවිතය) දිගටම සිදු කරයි

අවදානමට ලක්වූ පද්ධති වලට දුරස්ථව විධාන ලබාදීමට සහ පාලනය කිරීමට හැකි වන ලෙස සැකසු අනිෂ්ට මෘදුකාංග එබ්බවීම මෙම අවභාවිතයේ දි Advanced Persistent Threat -APT ක්‍රියාකාරීන් විසින් සිදුකරයි.
https://www.cisa.gov/uscert/ncas/alerts/aa22-174a

Zoho ManageEngine හි ADAudit Plus CVE-2022-28219 ආරක්ෂක අවදානමට PoC- Proof of Concept එකක් නිකුත් කර ඇත

මීට පෙර හෙලිදරව් කරන ලද ADAudit Plusහි ඇති දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ අවදානමක Proof of Concept එකක් සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් විසින් නිකුත් කර ඇත.
https://digital.nhs.uk/cyber-alerts/2022/cc-4124

ම(උ)යි රැන්සම්වෙයාර් (Maui ransomware) විසින් සෞඛ්‍ය සේවා සංවිධාන ඉලක්ක කරයි

Certification – Information Systems Auditor -CISA විසින් සිදුකරන ලද නවතම අනතුරු ඇඟවීම අනුව Maui ලෙස හැඳින්වෙන විරල ransomware තර්ජනයක් සෞඛ්‍ය සේවා සංවිධානවලට දිගටම පහර දීමට ඉඩ ඇත.
https://www.helpnetsecurity.com/2022/07/07/healthcare-maui-ransomware/


සයිබර් පුවත්

 

ෆේස්බුක් විසින් කිසිඳු ලොතරැයි ප්‍රවර්ධනයක් සිදු කරන්නේ නැත. මෙය සුලභ වංචාවකි

තමා “ෆේස්බුක් ලොතරැයි ප්‍රවර්ධන වැඩසටහනේ” ජයග්‍රාහකයෙකු බව පවසමින් පුද්ගලයකුට මෑතකදී විද්‍යුත් තැපෑලක් ලැබුණි. මෙය Facebook හරහා ඉතා බහුලව සිදුවන වංචාවකි.
https://www.wkyc.com

ඔපන්සී (OpenSea) දත්ත කඩකිරීම් ගැන අනාවරණය කරයි – පිෂිං ප්‍රහාර ගැන පරිශීලකයින්ට අනතුරු අඟවයි

විශාලතම නන් ෆන්ජිබල් (අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කළ නොහැකි) ටෝකන් නම් (Non-Fungible Token -NFT) වෙළඳපොළ වන ඔපන්සී (OpenSea) ඔවුන්ගේ උල්ලංගනය කිරීම අනාවරණය කළ අතර ඉදිරි දිනවලදී ඔවුන්ව ඉලක්ක කළ පිෂිං ප්‍රහාර ගැන පරිශීලකයින්ට අනතුරු ඇඟවයි.
https://www.bleepingcomputer.com

ෂැංහයි පොලිසිය හරහා චීන පුරවැසියන්ගේ බිලියන 1 ක දත්ත කාන්දු වීමක් සිදු වී ඇත

හැකර්වරයා කියා සිටින්නේ තමන් ෂැංහයි පොලිසියෙන් දැවැන්ත දත්ත ගබඩාවක් සොරකම් කළ බවයි. මෙම දත්ත කාන්දුව තහවුරු වුවහොත් චීන ඉතිහාසයේ විශාලතම දත්ත කාන්දුව වනු ඇත.
https://cybernews.com


සත්‍ය කතා

පරිගණක ගේම් තුළ සැඟවුණු සූදූව


නිර්මලා: අනේ මට උදව් කරන්න මිස්
හිතවතී: ඔව් නිර්මලා ඔයාගෙ ප්‍රශ්නය කියන්න අපිට

නිර්මලා පදිංචි වෙලා හිටියේ මාවතගම. එයාගෙ පුතා මනෝජ්, ලඟදී උසස්පෙළ කරල ඉවර වුනා විතරයි. නිර්මලා පුතාව කම්පියුටර් ක්ලාස් එකකට දැම්මා. මාස දෙකක් විතර ක්ලාස් ගියත්, කොවිඩ් නිසා ඉගෙනුම් වැඩ සූම් තාක්ෂණය හරහා ඔන්ලයින් කරන්න පටන් ගත්තා.

සම්පූර්ණ කතාව කියවන්න….

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

  • 2022 මැයි 30 වැනි දින කැකිරාව– මැක් ආයතනයේ පැවැත්වූ, ලක්වසම් අධිකාරිය විසින් සංවිධානය කරන ලද පයිතන් යෙදුම් පිළිබඳ (Python Application Development) පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා 20 දෙනෙක් පමණ සහභාගී වූහ.

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය
ද ගර්ල් විත් ඩ්‍රැගන් ටැටූ – මකරෙකුගේ පච්චයක් සහිත කෙල්ල
(The Girl with the Dragon Tattoo) (2011)

 

මෙම චිත්‍රපටයේ ඩැනියල් ක්‍රේග් (Daniel Craig) විසින් මාධ්‍යවේදියෙකු ගේ චරිතයක් නිරූපණය කරන අතර රූනි මාරා (Rooney Mara) විසින් පරිගණක හැකර් කෙනෙක් විදිහට රඟපානවා. වසර 40 කට පෙර අතුරුදහන් වූ ගැහැණු ළමයෙකුට සිදුවූයේ කුමක්දැයි ඔවුන් සොයා බලයි.
https://youtu.be/DqQe3OrsMKI

ගැජට්
අනතුරු ඇඟවීමේ පද්ධතිය – Warning System

මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන්නේ ප්‍රදර්ශන භාණ්ඩ ( විශේෂයෙන් කෞතුකාගාරවල) සහ නරඹන පුද්ගලයා අතර තිබියයුතු නියමිත දුර පවත්වා ගැනීමට සහ එසේ නොවන විට (අනතුරුදායක කලාපයට ආවොත්) ඒ් සම්බන්ධව ඉමේල් එකක් මුරකරු වෙත යැවීමයි.
https://www.hackster.io/bordeabianca2000/warning-system-bc91d3

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.


සිංහල තේරුම :

මනාලියගේ පියා : ඇයට උයන්න දන්නෙ නැති වුනාට, ඔන්ලයින් කෑම ඔඩර් කරන්න දන්නවා.
මනාලයා : ශා!!

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.