අවසන් වරට යාවත්කාලීන කලේ 2023/04/25

2023 පෙබරවාරි 20 සිව්වන වෙළුම – 02 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

සාමාන්‍යයෙන් සිදු වන IoT ප්‍රහාර

Internet of Things (IoT / ඉන්ටනෙට් ඔෆ් තිංස්) කියන්නේ මොනවද?

IoT යන්නෙන් අදහස් කරන්නේ අන්තර්ජාලයට හෝ වෙනත් සන්නිවේදන ජාලවලට සම්බන්ධ වී තාක්ෂණයත් සමඟ බද්ධව (embedded) සුහුරු (ස්මාට්) ආකාරයට දත්ත එකතු කර බෙදා හරින ලොව පුරා ඇති භෞතික උපාංග රාශියකට වේ.

 

ඔබ දැන සිටියාද?

  • FBI හි ‘no-fly’ (ගුවන් ගමන් තහනම්) ලැයිස්තුවේ මිලියන 1.5 කට වැඩි සැකකරුවන් පිරිසක් සිටින බවට හැකර් හෙළි කරයි
    https://cybernews.com
  • 12,000 කට පමණ රැකියා අහිමි වන බව හෝ ශ්‍රම බලකායෙන් 6% ක් පමණ ඉවත් කරන බව ගූගල් සමාගම විසින් නිවේදනය කර ඇත.
    https://cybernews.com
  • සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගෙන් 93% කට වැඩි ප්‍රමාණයක් සහ ව්‍යාපාරික නායකයින්ගෙන් 86% ක් විශ්වාස කරන්නේ “ඉදිරි වසර දෙක තුළ ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන විනාශකාරී සයිබර් සිදුවීමක් සිදු විය හැකි” බවයි.
    https://www.helpnetsecurity.com
  • 80% කට වඩා අනවසර ප්‍රවේශයන් (breaches) සඳහා සොරකම් කළ පිවිසුම් විස්තර උපයෝගී කර ගෙන ඇත.
    https://www.enzoic.com/
  • සාමාන්‍යයෙන් දිනකට සයිබර් ආරක්ෂණ ප්‍රහාර / සිදුවීම් 26,000 ක්.
    https://www.enzoic.com/

 

ප්‍රධාන සයිබර් ආරක්ෂණ ඉඟි

 

1. ක්ලික් කිරීමට පෙර සිතන්න.

2. විවිධ වෙබ්අඩවි / ඇප් සඳහා එකිනෙකට වෙනස් ශක්තිමත් මුරපද භාවිත කරන්න.

3. පාස්වර්ඩ් කළමනාකරණ (Password Manager) මෙවලමක් භාවිත කරන්න.

4. දෙපියවර හෝ බහුසාධක සත්‍යාපනය (ටූ / මල්ටි ෆැක්ට ඔතෙන්ටිකේෂන් ; 2FA /  MFA) සක්‍රීය කර ගන්න.

5. සර්ට් (CERT) ආයතන මඟින් නිකුත් කරන දැන්වීම් (අප්ඩේට්ස්) නිරතුරුව පරීක්ෂා කරන්න.

6. ඔබේ පද්ධති යාවත්කාලීන (සිස්ටම් අප්-ටු-ඩේට්) කර තබා ගන්න.

7. ෆයර්වෝල් (Firewalls) සහ ප්‍රති-වයිරස් (Anti-virus) මෘදුකාංග භාවිත කරන්න.

8. ඔන්ලයින් ගෙවීම් සඳහා ඩෙබිට් (debit) කාඩ් භාවිතයෙන් වළකින්න.

9. ෆිෂිං අටැක්ස් (phishing attacks) නැත්නම් රවටා වංචා කිරීම සඳහා සිදු කරන ප්‍රහාර ගැන දැනුවත් වෙන්න.

10. නොදන්නා / නුහුරු වෙබ්අඩවි වෙත යෑමෙන් වළකින්න.

11. අනවශ්‍ය / නිෂ්ඵල දේ ඩවුන්ලෝඩ් කිරීමෙන් වළකින්න.

12. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්වල දී ප්‍රවේශම් වන්න.

13. ඔබගේ දත්ත උපස්ථ (බැකප්) කර තබා ගන්න.

14. VPN එකක් නොමැතිව පොදු වයි-ෆයි භාවිත නොකරන්න.

15. ඔබගේ දත්ත සුරැකිව තබා ගන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Cacti (කැක්ටි) අර්බුදය: දැඩි අවදානමකට ලක්ව ඇති දුර්වලතාවය
අන්තර්ජාලයට සම්බන්ධ වන Cacti සර්වර් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම අවදානමට ගොදුරු විය හැකි බව සොයාගෙන ඇත.
https://www.techcert.lk

ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියේ (Chrome OS) පවතින බරපතල අවදානම් වලින් පරිස්සම් වන්න!
ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය (ඔපරේටිං සිස්ටම්) තුළ විවිධාකාරයේ දුර්වලතා රැසක් හඳුනාගෙන ඇත.
https://cert.gov.lk

ගිට් (git) හි දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ (Remote Code Execution / RCE) දුර්වලතා හමු වී තිබේ (CVE-2022-41903, CVE-2022-23251).
source code පරීක්ෂා (audit) කිරීමකදී, සහයෝගී මෘදුකාංග සංවර්ධනය සඳහා ප්‍රචලිත බෙදාහරින ලද අනුවාද (වර්ෂන්) පාලන පද්ධතිය වන git වලට බලපාන තීරණාත්මක දුර්වලතා දෙකක් අනාවරණය කර ඇත.
https://www.helpnetsecurity.com

ACSC රැන්සම්වෙයා ප්‍රොෆයිල් – Royal
සයිබර් අපරාධකරුවන් විසින් ලොව පුරා විවිධ අංශවලට සහ සංවිධානවලට එරෙහිව කප්පම් මෘදුකාංග (රැන්සම්වෙයා) ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කරන රෝයල් නම් රැන්සම්වෙයා ප්‍රභේදයක් ගැන ඕස්ට්‍රේලියානු සයිබර් ආරක්‍ෂණ මධ්‍යස්ථානය (ACSC) දැනුවත් වී තිබේ.
https://www.cyber.gov.au


සයිබර් පුවත්

 

ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය උසස් ගෞරව සම්මානයට පාත්‍ර වේ.

BCS හි සභාපතිවරයා පැවසුවේ මෙය “ICT අංශයෙන්, ශ්‍රී ලංකාව කෙතරම් නවෝත්පාදන සහ නව නිර්මාණවලින් සමන්විතද කියා පෙන්වන විශිෂ්ට නියෝජනයක්” බවයි.
https://sinhala.adaderana.lk

අන්තර්ජාලයේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන්ට යොවුන් වියේ දරු දැරියන්ගෙන් ඉගෙන ගත හැකි බව ආරක්ෂිත අන්තර්ජාල දිනයේදී විශේෂඥයින් පවසයි.

අන්තර්ජාලයේ ආරක්ෂිතව සිටින ආකාරය ගැන අපි වැරදි ලෙස කතා කරනවා විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවයි.
https://www.independent.co.uk

කතුවරුන් හා ප්‍රකාශකයින් ප්‍රකාශන හොරකම්, ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් CID වෙත පැමිණිලි කරයි.

මුද්‍රිත පොත්වල PDF පිටපත් නීත්‍යානුකූල නොවන අයුරින් සාදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හැරීමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා විසිපස් දෙනෙක් පැමිණිලි කර ඇත

https://www.dailynews.lk

ඔන්ලයින් ප්‍රේම සබඳතා ඇති කර ගෙන අහිංසකයින්ගේ මුදල් සූරා කෑ කාන්තාවකට වසර 6 කට වැඩි සිර දඬුවමක්

අන්තර්ජාලයේ ආදර වංචා (රොමැන්ස් ස්කැම්) සිදු කර වින්දිතයින් රවටා ඩොලර් මිලියන 2.6 ක පමණ මුදලක් වංචා කළ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ කාන්තාවකට වසර හයකට වැඩි සිර දඬුවමක් නියම විය.
https://www.foxnews.com

ගූගල් වෙළඳ දැන්වීම් (google ads) වලට මුවා වී වැඩිහිටි වෙබ්අඩවි වෙත යොමු කරන ස්පැම් (spam)

හැකර්වරු ගූගල් දැන්වීම් හා බැඳි ආරක්ෂාව (phishing protection) මඟ හැරීමට දක්ෂ ක්‍රමයක් සොයාගෙන ඇත.

https://www.techradar.com


සත්‍ය කතා

නැති වූ ජංගම දුරකථනය.

 

දවසක් ප්‍රභාෂ් රාජකාරී ඉවර වෙලා යාළුවෝ එක්ක කාලය ගත කරමින් හිටියේ. ඇත්තටම එයාට වෙලාව ගත වෙනවා තේරුනේ නෑ. හොඳටම අඳුරු වෙලා කියලා රෑ 12 වෙන තුරු යාළුවෝ ටිකට දැනුනේ නෑ. ප්‍රභාෂ් යාළුවෝ තුන්දෙනා එක්ක ත්‍රීරෝද රථයකින් ගෙවල් වලට යන්න හිතුවා. ඉතින් එක එක යාළුවාව ගෙදරින් බස්සගෙන තමයි ගියේ. ප්‍රභාෂ් වාඩි වෙලා හිටියේ ත්‍රීවීල් එකේ කෙළවරම.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – නැණසල මධ්‍යස්ථානය, අනුරාධපුර
2023 පෙබරවාරි 14 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් අනුරාධපුර නැණසල මධ්‍යස්ථානයේ ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන අනුරාධපුර නැණසල මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලද අතර සැසිය සඳහා පාසලේ විදුහල්පතිතුමා, සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 20 දෙනෙකු පමණ සහභාගී විය.

 

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

සම්පූර්ණ චිත්‍රපටිය: Dark Web (2021)

මෙම නව අපරාධ කල්ලියට එරෙහි සටනේදී, අපගේ එකම බලාපොරොත්තුව A.I. (කෘත්‍රිම බුද්ධිය) හි පූර්ණ හැකියාවන් උපයෝගී කර ගැනීමයි. එය මිනිසාට එරෙහිව යන්ත්‍රය ගැන නොවේ – එය මිනිසාට සහ යන්ත්‍රයට එරෙහිව සයිබර් අපරාධ ගැන ය.

https://www.youtube.com/watch?v=cL3pEe47qyk

ගැජට්

 

 

IoT භාවිතා කරන ස්මාර්ට් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය

මෙම ක්‍රමය මගින් අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවට ඵලදායී විසඳුමක් සපයයි.

https://www.hackster.io/Embedded-DIY-Tech/smart-waste-management-system-using-iot-56f64f

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.

සිංහල තේරුම :
ඔබගේ මුරපදයට (පාස්වර්ඩ්) දත් බුරුසුවක් මෙන් සලකන්න.
එය වෙනත් කිසිවෙකුට භාවිතා කිරීමට ඉඩ දෙන්න එපා.
එය නිතිපතා වෙනස් කරන්න.

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.