අවසන් වරට යාවත්කාලීන කලේ 2023/07/20

2023 ජුලි 20 සිව්වන වෙළුම – 07 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

කළු තොප්පි, සුදු තොප්පි සහ අළු තොප්පි


‘හැකර්’ කියන්නේ කාටද? මොනවද මේ තොප්පි (හැට්)?

හැකර්වරුන් (hackers) යනු සයිබර් ආරක්ෂණ පද්ධතිවලට කඩා වැදීමට දැනුමක් සහ විශේෂඥ හැකියාවක් ඇති පුද්ගලයින් කොට්ඨාසයකි.
සයිබර් ආරක්‍ෂාවේදී, හැකර්වරුන් වර්ගීකරණය කරනු ලබන්නේ පැරණි කව්බෝයි චිත්‍රපට සංස්කෘතියෙන් පැමිණි ‘හැට්’ (hat) පද්ධතියකට අනුව ය. එහිදී හොඳ චරිත සාමාන්‍යයෙන් සුදු තොප්පි පැළඳ සිටි අතර නරක චරිත කළු තොප්පි පළඳින ලදී.

 

 

ඔබ දැන සිටියාද?

2027 වන විට අන්තර්ගත නිර්මාණ ආර්ථිකය (creator economy) ඩොලර් ට්‍රිලියන භාගයකට ළඟා වීමට හැක.
https://www.digitalinformationworld.com

ගොනු භාවිතයක් නොමැතිව සිදු කරන ලද (Fileless) ප්‍රහාර 1,400% කින් වැඩි වී ඇත.
https://www.helpnetsecurity.com

එක්සත් ජනපද විද්‍යාල සයිබර් ප්‍රහාර පරීක්ෂණයකින් හත් ලක්ෂයක් පමණ දෙනා පීඩාවට පත් වූ බව හෙළි වේ.
https://cybernews.com

 

 

දුරස්ථ රාජකාරී ආරක්ෂණ ඉඟි වල මූලික ලැයිස්තුව [2023]

1) සයිබර් ආරක්ෂණ අවදානම් පිළිබඳව දැනුවත්ව සිටින්න.
2) ඔබේ සමාගමේ දත්ත ආරක්ෂණ සැලැස්ම ක්‍රියාත්මක කරන්න.
3) ප්‍රති-වයිරස (anti-virus) විසඳුමක් භාවිතා කරන්න.
4) බහු-සාධක සත්‍යාපනය (මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / MFA) සක්‍රීය කරන්න.
5) Virtual Private Network (VPN) එකක් භාවිතා කරන්න.
6) ක්ලවුඩ් (Cloud) සේවාවක් භාවිතා කරන්න.
7) ක්ලවුඩ් සේවය නිසි ලෙස හැඩගස්වන්න (configure).
8) ඔබගේ වෙබ් කැමරාව සුරක්ෂිත කරන්න.
9) ඔබගේ නිවසේ වයි-ෆයි (Wi-Fi) ජාලය ආරක්ෂිතව තබන්න.
10) පොදු Wi-Fi භාවිතයෙන් වැඩ කරන විට ප්‍රවේශම් වන්න.
11) ඔබගේ සූම් (Zoom) රැස්වීම් ආරක්ෂිතව කරන්න.
12) ඔබගේ පාස්වර්ඩ් සුරක්ෂිත කරගන්න.
13) ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුම් ආරක්ෂා කරගන්න.
14) වංචනික (ෆිෂිං) ඊමේල් වලට හසු නොවන්න.
15) ඔබගේ මෘදුකාංග (සොෆ්ට්වෙයා) යාවත්කාලීනව (up-to-date) තබා ගන්න.
16) කාර්යයන් (රාජකාරී) පෞද්ගලික ජීවිතයෙන් වෙන්ව සිදු කරන්න.
17) පවුලේ සාමාජිකයින්ව වැඩ කරන උපාංගවලින් ඈත් කරන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Fortinet FortiNAC හි අවදානම
Fortinet FortiNAC හි දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ (RCE) අවදානමක් හඳුනා ගන්නා ලදී.
www.slcert.gov.lk

Medtronic Paceart Optima පද්ධතියේ බරපතල අවදානම
මෙම බරපතල අවදානම හරහා තහවුරු නොකළ පරිශීලකයෙක් හට දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීම සිදු කිරීමට හෝ DoS තත්ත්වයක් නිර්මාණය කිරීමට ඉඩදිය හැක.
https://digital.nhs.uk

බොහෝ විවිධ අංශවලට එරෙහිව DoS සහ DDoS ප්‍රහාර
නොයෙක් අංශවල විවිධ සංවිධාන බොහොමයකට එරෙහිව ඉලක්කගත Denial-of-Service (DoS) සහ Distributed Denial-of-Service (DDoS) ප්‍රහාර පිළිබඳව open-source වාර්තා කිරීම ගැන CISA දැනුවත්ව සිටී.
https://www.cisa.gov


සයිබර් පුවත්

 

අන්තර්ජාලය හරහා සිදුකරන දේශීය හා විදේශීය ව්‍යාපාර නියාමනය කිරීමට නිසි යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය වේ.
අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා පොදු ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.
https://archives1.dinamina.lk

Threads (ත්‍රෙඩ්ස්) භාවිතා කරන්නන් මිලියන 100 ක් දක්වා වැඩිවී සිටින බැවින් Twitter හි අනාගතය ගැන සැක සහිත ය.
Meta (මෙටා) වෙතින් ප්‍රතිවාදී යෙදුමක් (app) දියත් කිරීම අවසාන තුරුම්පුව බව ඔප්පු වේ.
https://sinhala.adaderana.lk

Onmax DT අධ්‍යක්ෂවරුන්ගේ ගිණුම්වල රුපියල් මිලියන 790ක් ඇත – CID
මෙම තහනම් පිරමීඩ ක්‍රමයේ උපරිම පැකේජය සඳහා ආයෝජනය කළ අයෙකුට දිනකට ඇමෙරිකානු ඩොලර් 50කට වැඩි ප්‍රතිලාභයක් හෝ ලාභාංශයක් ලබා ගත හැකි බවට ප්‍රචාරය කර ඇති බව රහස් පොලිසිය පවසයි.
https://www.dinamina.lk

සයිබර් කප්පම් ප්‍රහාරවල වැඩිවීම සහ ව්‍යාපාරවල ආරක්ෂාව කෙරෙහි එහි බලපෑම
Orange Cyberdefense හි ආරක්ෂක පර්යේෂණ ප්‍රධානී Charl van der Walt සයිබර් කප්පම් ප්‍රහාර සහ ඒවා නව කලාපවලට ව්‍යාප්ත වීම ගැන සාකච්ඡා කරයි.
https://www.helpnetsecurity.com

The Resiliency Initiative හට Digital Rights Asia-Pacific 2023 සඳහා සහභාගී වීමට ආරාධනා ලැබිණි.
සමාජ මාධ්‍ය හරහා ඉවසීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියාව පුරා “හිතවතී” හඳුනා ගැනීම.
https://web.facebook.com

 

“එක වගේ හත් දෙනෙක්” නිසා විඳපු දුකක්

 


තිලිනි ඉගෙන ගන්න ගමන් පොඩි ව්‍යාපාරයකුත් කරා. එයා හරිම දක්ෂයි කේක් හදන්න. ඉතින් එයා කප්කේක් හදන එක තමයි අමතර ආදායමක් ලබන්නයි විනෝදාංශයක් විදියටයි කරේ. තිලිනිගෙ බිස්නස් එක දියුණු කරගන්න එයා ෆේස්බුක් පිටුවකුත් කරගෙන ගියා. එයා හදන කේක් වල විවිධ පින්තූර අරන් ෆේස්බුක් පිටුවේ පළ කරා. එයාගෙ ෆේස්බුක් පිටුවට සැලකිය යුතු තරම් පිරිසකුත් හිටියා. ඒ වගේම තිලිනි එයාගෙ ගමේ ටිකක් ප්‍රසිද්ධ චරිතයකුත් වුණා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

ICT කර්මාන්තය ගැන හැඳින්වීම සහ සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසිය
පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදී

2023 ජූලි 13 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කර්මාන්තය පිළිබඳ හැඳින්වීමක් සහිතව සයිබර් හිරිහැර හඳුනා ගෙන ඒවා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලද අතර මෙය Axiata ඩිජිටල් ලැබ්ස් (ADL) ආයතනය සමඟ එක්ව හිතවතී මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා එම ප්‍රදේශයේ පාසල්වල උසස් පෙළ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයින් සහභාගී වූහ.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

ටොබෝ ද ග්‍රේට් – Tobor the Great (1954)


මෙම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙන් කුඩා පිරිමි ළමයෙකු, ඔහුගේ සීයා සහ ඔහුගේ හොඳම මිතුරා (රොබෝවෙකු වීමට නියමිත) – ඔවුන් පසුපස එන කම්‍යුනිස්ට් නියෝජිතයින් කණ්ඩායමෙන් ආරක්ෂා වීමට එකට වැඩ කරන හැටි ගැන කථා කරයි.

https://youtu.be/4qjIvz_NbkU

ගැජට්

 

 

Nicla Sense Me සඳහා නියොපික්සල් මුදු පලිහ


මෙම Nicla Sense Me LED පලිහ මඟින් ඔබේ පළඳනා ආලෝකමත් කරගන්න!

https://www.hackster.io

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.

සිංහල තේරුම :
ට්විටර් ඇති නමුත් කවදාවත් කිසිවක් පළ නොකරන අය!

https://twitter.com

 

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.