අවසන් වරට යාවත්කාලීන කලේ 2023/08/19

2023 අගෝස්තු 20 සිව්වන වෙළුම – 08 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

ඔබේ කුණු කාගේ හරි වස්තුවක්….


කුණු භෞතික හා ඩිජිටල් යනුවෙන් දෙයාකාරයි. යමෙක් තව අයෙකුගේ කුණු කූඩයේ කිමිදීම නැතහොත් එහි ඇති ඉවතලන දේ වලින් ඔහුට/ඇයට/ආයතනයකට අනන්‍ය වටිනා දේ සොයා ගැනීමට තැත් කිරීම Dumpster diving (ඩම්ප්ස්ට ඩයිවිං) නම් වේ.

 

 

ඔබ දැන සිටියාද?

 

2023 වසරේ දී දත්ත කඩකිරීමක සාමාන්‍ය පිරිවැය ඩොලර් මිලියන 4.45 දක්වා ඉහළ ගොස් ඇත.
https://www.helpnetsecurity.com

පරිශීලකයින්ගෙන් 60% ක් පමණ ප්‍රකාශ කළේ ටික්ටොක් හි පවතින සියලුම අන්තර්ගතයන්හි අවම වශයෙන් යම් ආකාරයක හාස්‍යයක් අඩංගු විය යුතු බවයි.
https://www.digitalinformationworld.com

නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ දැන් සෑම මසකම අන්තර්ජාලය භාවිතා කරන්නන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට වඩා සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි.
https://datareportal.com

2022 වසරේ දී ටික්ටොක් හි මාසික සක්‍රීය පරිශීලකයින් බිලියන 1.4 ක් සිටි අතර 2023 වසර අවසන් වන විට එය බිලියන 1.8 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
https://www.smartinsights.com

 

 

ඔන්ලයින් සාප්පු සවාරි (ෂොපිං) ආරක්ෂණ උපදෙස්

• ඔබ හොඳින් දන්නා / පිළිගත් සාප්පු සවාරි වෙබ්අඩවි භාවිතා කරන්න.
• වෙබ්අඩවියේ URL (ලින්ක්) එක ඔබේ බ්‍රවුසරයේ ලිපින තීරුවට ටයිප් නොකරන්න.
• ඉ-වාණිජ්‍ය (e-commerce) අඩවි වල ඔබේ ගෙවීම් තොරතුරු සුරකින්න (සේව් කරන්න) එපා.
• පොදු Wi-Fi භාවිතා කරන්න එපා.
• VPN එකක් භාවිතා කරන්න.
• ඔබගේ පාස්වර්ඩ් ආරක්ෂා කරගන්න.
• විශ්වාසදායක ප්‍රතිවයිරස් (anti-virus) මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරගන්න.
• නිසි ඊමේල් ආරක්ෂණ උපදෙස් අනුගමනය කරන්න.
• ක්‍රෙඩිට් කාඩ් ආරක්ෂණ උපදෙස් ගැන නිතර අවධානයෙන් ඉන්න.
• ඔබගේ මිලදී ගැනීම් පිළිබඳ වාර්තාවක් තබා ගන්න.
• ඇදහිය නොහැකි වට්ටම් ගැන සැලකිලිමත් වන්න.
• සාප්පු සවාරි වෙබ්අඩවි වල දිස්වෙන (pop-up) දැන්වීම්වලින් ප්‍රවේශම් වන්න.
• වංචා (Scams) ගැන විමසිල්ලෙන් සිටින්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

පේපර්කට් MF/NG සර්වස්වල බරපතල අවදානම්
පේපර්කට්විසින් PaperCut MF/NG සර්වර් වල ඇති බරපතල දුර්වලතා තුනක් විසඳීම සඳහා ආරක්ෂක යාවත්කාලීනයක් (අප්ඩේට්) නිකුත් කර ඇත.
https://digital.nhs.uk

ඇපල් නිෂ්පාදනවල බරපතල දෝෂ ගැන පරෙස්සම් වන්න!
ඇපල් නිෂ්පාදනවල බරපතල දුර්වලතා හඳුනාගෙන ඇත. Denial of Service (DoS) තත්ත්වයක් ඇති කිරීම සඳහා දුරස්ථ (රිමෝට්) ප්‍රහාරකයෙකු විසින් ඇතැම් දුර්වලතා ප්‍රයෝජනයට ගත හැකිය.
https://cert.gov.lk

මයික්‍රොසොෆ්ට් විසින් CODESYS වෙත සහය දක්වන PLC වලට එරෙහිව දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ (RCE) අවදානම පෙන්නුම් කරයි.
CODESYS විසින් ප්‍රොටෝකෝලයේ නවතම අනුවාද පැලැස්තර දැමුවද කාර්මික උපකරණ නිෂ්පාදකයින් තවමත් ඒවා යොදවා නොතිබිය හැකිය.
https://www.csoonline.com


සයිබර් පුවත්

 

 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) අනතුරු ඇඟවීමක්!
නව යොවුන් වියේ දරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට හේතුව සමාජ මාධ්‍ය බව වෛද්‍යවරු පවසති.
https://sinhala.adaderana.lk

මෙටා (Meta) විසින් කැනේඩියානු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නන් හට ප්‍රවෘත්ති නැරඹීමේ අවස්ථාව අහිමි කරයි.
මාර්ක් සකර්බර්ග්ගේ මෙටා නිවේදනය කළේ කැනඩාවේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වේදිකා (ඇප්) තුළ ප්‍රවෘත්ති සඳහා ප්‍රවේශය අවසන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.
https://cybernews.com

AI (කෘත්‍රිම බුද්ධිය) හා බැඳි සුළු ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරමින් ගූගල් මඟින් ආසියා-පැසිෆික් කලාපයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා අරමුදලක් ආරම්භ කරයි.
ව්‍යාපාරයේ ඉදිරියට යාමට දිගු කලක් තිස්සේ බාධාවලට මුහුණ දුන් ආසියා-පැසිෆික් කලාපයේ කාන්තාවන් විසින් ආරම්භ කරන ලද සුළු ව්‍යාපාර සඳහා ආධාර කිරීමට කැප වූ අරමුදලක් ගූගල් විසින් ආරම්භ කර ඇත.
https://www.forbes.com

යූටියුබ් නවතම පරීක්ෂණයේදී වීඩියෝ සාරාංශ කිරීමට AI භාවිතා කරයි.
පරීක්ෂණය ලබා ගත හැක්කේ සීමිත වීඩියෝ සහ පරිශීලකයින් සංඛ්‍යාවක් සඳහා පමණක් වන අතර පවතින වීඩියෝ විස්තර වෙනස් (replace) නොකරනු ඇත. නමුත් YouTube මඟින් නරඹන්නන්ට නැරඹිය යුතු දේ තීරණය කිරීමට උදවු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
https://www.theverge.com

Narsil මෙහෙයුම මගින් වෙළඳ ප්‍රචාරණයෙන් ලාභ ඉපැයීමට සැලසුම් කරන ලද ළමා අපචාර වෙබ්අඩවි ජාලය කඩාකප්පල් කරයි.
ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) වසර 13 කට වැඩි කාලයක් ළමා ලිංගික අපයෝජන ඇතුළත් රූප බෙදාහරින වෙබ්අඩවි නිරීක්ෂණය කර ඇති අතර ලොව පුරා නීතිය බලාත්මක කිරීමේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් වසම් (ඩොමේන්) 20,000 කට වඩා තහනම් කර ඇත.
https://www.interpol.int

මාසික වීඩියෝව


සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

ප්‍රේම රංගනය


නාලිකා විවාහක කාන්තාවක්. ඒ වගේම ළඟදී අවුරුදු 5 ක් ලබපු එයාගෙ දුවත් එක්ක නාලිකා ගත කළේ හරිම කාර්යබහුල ජීවිතයක්. එයා සාමාන්‍යයෙන් උදෙන්ම නැගිටලා, කෑම හදලා දුවව අම්මලාගෙ ගෙදර දාලා තමයි රැකියාවට පිටත් වුණේ. හවසට සාමාන්‍යයෙන් නාලිකාගෙ සැමියා අම්මලාගෙ ගෙදරින් දුවව අරන් එන්න පුරුදු වෙලා හිටියා. නාලිකා ඊට කලින් ගෙදර ඇවිත් ඉන්නවා. පොඩි හරි විවේකයක් ලැබුන මේ වෙලාවට නාලිකා සිංදු අහනවා, පොඩ්ඩක් ටීවී බලනවා ඒ වගේම ෆේස්බුක් එකේ යාළුවො එක්ක මැසෙන්ජර් හරහා චැට් කරනවා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

හිතවතී පිළිබඳව දැනුවත් කිරීම

2023 අගෝස්තු මස 09 වන දින කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ 2023 .lk සහිත හොඳම වෙබ්අඩවි (BestWeb.lk) සම්මාන ප්‍රදානෝත්සවයේදී LK ඩොමේන් රෙජිස්ට්‍රියේ ව්‍යාපෘතියක් වන හිතවතී ප්‍රවර්ධනය විය. මේ උත්සවය සඳහා ආරාධිතයින්, ජයග්‍රාහකයින්, විනිසුරුවන්, අනුග්‍රාහකයින්, LK ඩොමේන් රෙජිස්ට්‍රියේ කාර්යය මණ්ඩලය සහ මාධ්‍ය වාර්තාකරුවන් ඇතුළත්ව 500 ක් පමණ දෙනා සහභාගී විය.

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

කින්නියා අල්-අක්සා ජාතික පාසලේ දී

2023 අගෝස්තු 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් කින්නියා අල්-අක්සා ජාතික පාසලේ දී පවත්වන ලදී. මේ සඳහා නැඟෙනහිර පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ, අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීවරුන්, ගුරුවරුන් සහ සිසුන් 75 ක් පමණ සහභාගී වූහ.

 

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය
කන්තලේ ජාතික පාසලේ දී

2023 අගෝස්තු 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් කන්තලේ ජාතික පාසලේ දී පවත්වන ලදී. මේ සඳහා නැඟෙනහිර පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ, අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීවරුන්, ගුරුවරුන් සහ සිසුන් 75 ක් පමණ සහභාගී වූහ.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

සුපර්මෑන් III (1983)


රිචඩ් ප්‍රයර් විසින් Gus Gorman හැකර්ගේ චරිතය රඟපායි. ඔහු විසින් සකස් කරන ලද මෘදුකාංගයක් හරහා ඔහුගේ සමාගමේ වැටුප් ලේඛනයෙන් තොරතුරු සොරකම් කර බ්ලැක්මේල් කිරීමට යාමේදී සුපර්මෑන් නපුරු වෙයි.

https://www.bilibili.tv/en/video/2007605417

ගැජට්

 

 

Amazon Echo උපාංගයකට ජීවය දීම!


Amazon එකේ Alexa කම්මැලි නිසා අපි ඒකට සජීවී ගතියක් සහිත (ඇනිමේට්‍රොනික්) ඇස් සහ CRT කටක් දුන්නා. දැන් මගේ ළමයි ඒක තනි කරන්නේ නැහැ!

https://www.hackster.io

උඩ රූපය: ෆේස්බුක් කවර් ෆොටෝ
පහළ රූපය: ඇත්ත පින්තූරය

www.childsafenet.org

 

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.