අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/13

2023 ඔක්තෝම්බර් 20 සිව්වන වෙළුම – 10 වෙනි කලාපය

මාසික සඟරාව

සයිබර් අවකාශයේ ඔබ ආ ගිය තැන්
(ඩිජිටල් පාසටහන)

 

ඔබේ ප්‍රියතම සපත්තු කුට්ටම මිලදී ගැනීමට සල්ලි එකතු කරන්නත් කලින් ඊට දිරිගන්වන දැනුම්දීම් ලැබුණේ කොහොමද කියලා පොඩ්ඩක් හිතුවද???

ඔබ කැමති දේවල් ගැන මේ විදිහට ඇඩ් නොටිෆිකේෂන් එවන්නේ කවුද…

 

   ඔබ දැන සිටියාද?

 

2025 වන විට ගෝලීය වශයෙන් සයිබර් ආරක්ෂණ රැකියාවලින් සියයට 30ක් කාන්තාවන් විසින් දරනු ඇත.
https://cybersecurityventures.com

2021 දී වැඩිම සයිබර් ප්‍රහාර එල්ල වූ කලාපය ආසියාවයි.
https://www.antivirusguide.com

2025 වන විට ටික්ටොක් භාවිතය 57.7% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. https://www.digitalinformationworld.com

ඇමෙරිකානුවන්ට 2021 සිට සමාජ මාධ්‍ය වංචා (ස්කැම්) හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි විය.
https://securityboulevard.com

 

දුරස්ථ සේවකයින් සඳහා සයිබර් ආරක්ෂණ ඉඟි

 

• ඔබේ නිවසේ කාර්යාල කටයුතු සුරක්ෂිත කරන්න.
• ඔබේ නිවසේ රවුටරය ආරක්ෂිතව තබන්න.
• කාර්යාල සහ පුද්ගලික උපාංග (ඩිවයිස්) වෙන් කර තබා ගන්න.
• ඔබගේ උපාංග සංකේතනය (එන්ක්‍රිප්ට්) කරන්න.
• සහාය දක්වන මෙහෙයුම් පද්ධති (ඔපරේටිං සිස්ටම්) පමණක් භාවිතා කරන්න.
• ඔබේ ඔපරේටිං සිස්ටම් සහ මෘදුකාංග (සොෆ්ට්වෙයා) අප්‌ඩේට් කර තබා ගන්න.
• ස්වයංක්‍රීය අගුලු දැමීම (auto-lock) සක්‍රීය කරන්න.
• ප්‍රති-වයිරස් (antivirus) මෘදුකාංගයක් භාවිතා කරන්න.
• Find My Device සහ Remote Wipe සක්‍රීය කරන්න.
• Virtual Private Network (VPN) එකක් භාවිතා කරන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

 

Red Hat විසින් Linux ව්‍යාප්තියේ “Looney Tunables” අවදානම් සඳහා ආරක්ෂක යාවත්කාලීන (අප්ඩේට්) නිකුත් කරයි.
CVE-2023-4911 අවදානම දේශීය ප්‍රහාරකයන්ට ලිනක්ස් බෙදාහැරීම්වල මුල් වරප්‍රසාද ලබා ගැනීමට ඉඩ සලසයි.
https://digital.nhs.uk

ඇපල් iOS සහ iPadOS සඳහා ආරක්ෂක යාවත්කාලීන (updates) නිකුත් කරයි.
iOS සහ iPadOS හි ඇති දෝෂ විසඳීම සඳහා Apple විසින් ආරක්ෂක අප්ඩේට් නිකුත් කර ඇත. සයිබර් තර්ජන ක්‍රියාකරුවෙකු විසින් අවදානමට ලක් වූ පද්ධතියක් පාලනය කිරීමට මෙම දුර්වලතා උපයෝගී කර ගත හැකිය.
https://www.cisa.gov

ඔන්ලයින් යෙදුම් මත පදනම් වූ ණය වංචාවලින් (loan scam) පරෙස්සම් වන්න, CERT අනතුරු අඟවයි.
“ඉන්ස්ටෝල් වීම අතරතුර දුරකථන සම්බන්ධතා ලැයිස්තුව, පින්තූර ගැලරිය සහ සංවේදී දත්ත ගබඩා කර ඇති තවත් ස්ථාන කිහිපයකට ප්‍රවේශ වීමට එම මාර්ගගත (ඔන්ලයින්) යෙදුම් අවසරය ඉල්ලයි”.
https://www.dailymirror.lk


සයිබර් පුවත්

 

 

මාර්ගගත ආරක්ෂණ කෙටුම්පතින් ඩිජිටල් අපචාරවලින් ළමයින් මුදා ගැනීමේ ක්‍රමවේදය එළිදකී.
ආයතනික පරිසරයන් සම්බන්ධ ගැටළු, මාපිය රැකවරණය නොමැතිකම, පවුල් වෙන්වීම, ඩිජිටල් මාධ්‍ය භාවිතය, ළමා ශ්‍රමය සහ තවත් බොහෝ දේ ඇතුළුව ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් පරාසයක ගැටළු මෙම වාර්තාව මඟින් අනාවරණය කරයි.
https://www.dinamina.lk

ඊශ්‍රායල රජයේ මාධ්‍ය වෙබ්අඩවි සයිබර් ප්‍රහාරයන්ට ලක්ව ඇත.
හමාස් සටන්කාමීන්ගේ මාරාන්තික ප්‍රහාරවලින් පසු රුසියානු හැකර් කණ්ඩායමක් වන කුප්‍රකට කිල්නෙට් වැනි සයිබර් කල්ලි ඇතුළු හැකර්වරුන් විවිධ ඊශ්‍රායල සංවිධාන ඉලක්ක කරති.
https://cybernews.com

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නව වෙබ් යෙදුම් ගබඩාව (app store) ආරම්භ කරයි.
මයික්‍රොසොෆ්ට් විසින් නව පරිශීලක අතුරුමුහුණතක් සහ යෙදුම් (ඇප්) සොයා ගැනීමට පහසු ක්‍රම සමඟින් මයික්‍රොසොෆ්ට් ස්ටෝ හි වෙබ් අනුවාදය (වර්ෂන්) නැවත ගොඩනගා ඇත.
https://www.theverge.com

ෆේස්බුක් මඟින් තහනම් (ban) කළ නිසා දශකයක් පුරා ක්‍රියාකාරී පරිශීලකයෙකුගේ මානසික සෞඛ්‍ය වර්ධනය වී තිබේ.
ෆේස්බුක් තහනමට ලක්වූ දශකයක ක්‍රියාකාරී පරිශීලකයෙකු වූ Leah Borski පවසන්නේ එම අත්දැකීම තම මානසික සෞඛ්‍යය වැඩිදියුණු කළ බවයි.
https://www.digitalinformationworld.com

ගූගල් සිතියම සැමියා මැරුවයි බිරිඳගෙන් ගූගල් සමාගමට නඩු.
පාලම කඩා වැටී අවුරුදු 5 ක කාලයක් ගත වී ඇතත් ගූගල් සමාගම තම සිතියමේ එය යාවත්කලීන කර නොමැති බවත් ගූගල් සමාගමේ නොසැලකිල්ල පිලිප් පැක්සන් ගේ මරණයට හේතු වූ බවත් පවසමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කර තිබේ..
https://www.lankadeepa.lk

මාසික වීඩියෝව


සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

වැරදුන සම්බන්ධය

සුරේෂ් අවුරුදු විසි ගණන් වල තරුණයෙක්. එයා රැකියාවක් හොයමින් හිටියේ. ගොඩක් වෙලාවට එයා කළේ ගෙදර ඉඳන් පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරපු එක. ඊට අමතරව එයා ගෙදර පිටිපස්ස වත්තේ යාළුවෝ එක්ක හවසට ක්‍රිකට් ගැහුවා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

ICT කර්මාන්තය ගැන හැඳින්වීම සහ සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසිය - 
ගම්පහ වනරතන විද්‍යාලයේදී

2023 සැප්තැම්බර් 26 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කර්මාන්තය පිළිබඳ හැඳින්වීමක් සහිතව සයිබර් හිරිහැර හඳුනා ගෙන ඒවා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ වනරතන විද්‍යාලයේදී පවත්වන ලද අතර මෙය Axiata ඩිජිටල් ලැබ්ස් (ADL) ආයතනය සමඟ එක්ව හිතවතී මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා එම ප්‍රදේශයේ පාසල්වල උසස් පෙළ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයින් ඇතුළුව 100 දෙනෙකු පමණ සහභාගී වූහ.

 

 

යෙහෙළි වෙබ්අඩවියේ නව මුහුණුවර එළිදැක්වීමේ උත්සවය -  
ඩයලොග් ප්‍රධාන කාර්යාලයේදී

2023 ඔක්තෝම්බර් 13 වන දින ඩයලොග් ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද යෙහෙළි වෙබ්අඩවියේ නව මුහුණුවර එළිදැක්වීමේ උත්සවය සඳහා “හිතවතී” ට ලද ආරාධනාවට සහභාගී විය.

 

CSGBV සහ GOHS ගැන ක්‍රියාකරන සිවිල් සමාජ සංවිධාන සාකච්ඡාව - 
කොළඹ 3 හිදී

2023 ඔක්තෝම්බර් 12 වන දින කොළඹ 3 හිදී පැවැත්වූ විශාල තාක්ෂණික සමාගම් සමඟ සම්බන්ධ වීම සඳහා රටේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ අරමුණින් සිවිල් සමාජ සංවිධාන මඟින් මෙහෙයවූ සාකච්ඡාවකට හිතවතී සහභාගී විය. “Caught in the Web” (CitW) නමින් හැඳින්වෙන මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ Search for Common Ground (SFCG), Centre for Equality and Justice (CEJ) සහ Hashtag පරපුර ඒකාබද්ධයෙනි.

 

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

හොට් සීට් (2022)

කලින් හැකර්වරයකු ලෙස සිටි අයෙක් යහපත් විදිහට සයිබර් ආරක්ෂණ කාර්මිකයෙකු බවට පත් වීමෙන් පසු, සිදු කිරීමට අපහසු සයිබර් මංකොල්ලයක් සඳහා උමතු නිර්නාමික ඇමතුම්කරුවෙකුට උදව් කිරීම සඳහා තමන්ව බලහත්කාරයෙන් යොදවා ඇති බව දැන ගනී. මෙහිදී ඔහුට තමාගේ පුටුව, යට බෝම්බයක් තියෙන හොට් සීට් (HOT SEAT) එකක් ලෙස හැඟේ.

https://youtu.be/twQePz-lkXE?si=qoCwbt0HKPrBDBGS

ගැජට්

 

 

ආදර පෙට්ටිය (Love box)


ඔබ මෙම පෙට්ටිය ඔබේ පෙම්වතාට/පෙම්වතියට දුන් විට, ඔහු/ඇය එය විවෘත කිරීමේදී එය ස්වයංක්‍රීයව “I LOVE YOU” කියා කථා කරයි.

https://www.hackster.io

සිංහල තේරුම :

කයිල්, ඔබට මෙම වාරයේ රැන්සම්වෙයා සඳහා දින හයක් නිවාඩු ඇති බව පෙනේ.

https://cybersecurityventures.com/

 

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.