අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/22

2024 අප්‍රේල් 20, පස්වන වෙළුම – 04 වෙනි කලාපය

මාසික සඟරාව

ඔයාගේ කරේ එල්ලෙන්නේ කවුද?

‘පිගිබැකිං’ කියන්නේ මොකක්ද?

පිගිබැකිං (piggybacking) කියලා කියන්නේ බලයලත් පුද්ගලයෙකුගේ අවසරය හෝ ප්‍රවේශය පාවිච්චි කරමින් නැත්නම් එවැනි අයෙකුගේ කර මතින් ගොස් ආරක්‍ෂක වැටවලින් රිංගා ගැනීමයි. එය භෞතික සහ ඔන්ලයින් ආරක්ෂාව යන දෙකටම විශාල ගැටලුවක්. සංවිධාන සහ සාමාන්‍ය ජනතාව ඒ ගැන දැන ගත යුතු අතර එමඟින් ඔවුන්ට වඩාත් හොඳින් ආරක්ෂා විය හැක.

 

 

   ඔබ දැන සිටියාද?

 

  • 2024 වසරේ දී යෙදුම් (ඇප්ස්) හි නිර්මාණ පළ කරන ආර්ථිකයේ (creator economy) නව රැකියා වලින් 30% කට වඩා ඉංජිනේරු රැකියා අවස්ථා උදා වේ.
    https://www.digitalinformationworld.com
  • ගූගල් ආයතනය යෙදුම් සංවර්ධකයන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ඔවුන් 100,000 කට අධික වින්දිතයන් සහිත Play Store හි ක්‍රිප්ටො මුදල් වංචනිකයින් බව පවසමිනි.
    https://www.theregister.com
  • ප්‍රධාන ආරක්ෂක බිඳ වැටීමෙන් මිලියන සංඛ්‍යාත වූ SurveyLama ගිණුම් භාවිත කරන්නන්ගේ දත්ත නිරාවරණය වී ඇත.
    https://www.techradar.com
  • මිලියන 73කට අධික පාරිභෝගිකයන් පිරිසක් AT&T ආයතනයේ දත්ත කාන්දුව (ලීක් වීම) හේතුවෙන් බලපෑමට ලක්වී ඇත.
    https://www.helpnetsecurity.com

දරුවන්, නව යෞවනයන් සහ පවුල් සඳහා වඩා හොඳ අන්තර්ජාල ආරක්ෂාව වෙනුවෙන් හොඳම ඉඟි

  • අන්තර්ජාල අනතුරු ගැන දැන ගන්න
  • ඔබේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න
  • ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) භාවිත කරන්න
  • නාඳුනන අය සමඟ සම්බන්ධ නොවන්න
  • ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් පුද්ගලිකව තබා ගන්න
  • ඔබ පළ (පෝස්ට්) කරන දේ ගැන සැලකිලිමත් වන්න
  • ආරක්ෂිත වෙබ්අඩවි වලින් පමණක් ඔන්ලයින් සාප්පු සවාරි යන්න
  • මුරපද කළමනාකරුවෙක් (පාස්වර්ඩ් මැනේජර්) භාවිත කරන්න
  • අනවශ්‍ය ලෙස පෞද්ගලික විස්තර ශෙයා නොකරන්න
  • පොදු Wi-Fi භාවිතයේ දී පෞද්ගලික දේ රැකගන්න
  • භාවිතයට නොගන්නා ගිණුම් අවලංගු කරන්න
  • ෆිෂිං (රවටා සිදු කරන වංචා) ගැන විමසිල්ලෙන් සිටින්න
  • රහස්‍යතා සැකසුම් (ප්‍රයිවසි සෙටිංස්) ක්‍රියාත්මකව තබා ගන්න
  • ඔබ බාගත (ඩවුන්ලෝඩ්) කරන දේ ගැන සැලකිලිමත් වන්න
  • උපාංග (ඩිවයිස්) යාවත්කාලීනව තබා ගන්න
  • දරුවන් සමඟ එක්ව අන්තර්ජාලයේ කාලය ගත කරන්න
  • රහස්‍යතා ප්‍රතිපත්ති තේරුම් ගන්න
  • පාසල් වැඩ සඳහා අවශ්‍ය දේ ගුරුවරුන්ගෙන් තහවුරු කර ගන්න
  • ඉල්ලන අවසර (permissions) පරීක්ෂා කරන්න
  • නිරතුරුව දත්ත ගබඩා (බැකප්) කර ගන්න
  • ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය සුරක්ෂිතව තබා ගන්න
  • පිහිටීමේ (location) දත්ත කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගන්න
  • නිවසේ ස්මාර්ට් උපාංග ආරක්‍ෂිතව තබා ගන්න
  • ඔන්ලයින් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න
  • අමතර ආරක්ෂාව සඳහා 2FA භාවිත කරන්න
  • පුළුල් සයිබර් ආරක්ෂණ කට්ටලයක් ඉන්ස්ටෝල් කරන්න
  • සැක සහිත විට, සහායකයන් අමතන්න
  • ගත කරන කාලය සහ අවධානය වෙනතකට යොමු කිරීම සීමා කරන්න

    වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් පුවත්

 

ශ්‍රී ලංකා ජනරජයේ නිල වෙබ් අඩවිය උසස් පෙළ හදාරන සිසුවෙකු විසින් හැක් කර ඇත.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අනවසරයෙන් උදුරා ගැනීමේ (හැකිං) ප්‍රහාරයකට ලක්වී ඇති අතර එහි ආරක්ෂක දෝෂ සහිත බව කියමින් ආරම්භ වන ප්‍රකාශයක් උසස් පෙළ හදාරන සිසුවෙකු විසින් තබා ඇති බවට ආරංචි වේ.
https://www.tamilguardian.com

Asia Foundation සහ ගූගල් හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ APAC සයිබර් ආරක්‍ෂණ අරමුදල වෙනුවෙන් දායක වෙයි.
මෙම වැඩසටහනෙහි අරමුණ වනුයේ 10,000ක් පමණ පුද්ගලයින් ඇතුළත් වන පරිදි 5,000ක් පමණ සුළු, කුඩා හෝ මධ්‍යම (MSMEs) ප්‍රමාණයේ ආයතන කරා ළඟා වීමයි.
https://asiafoundation.org

ළමා ලිංගික අපචාර පිළිබඳව ඔන්ලයින් පැමිණිලි කිරීමේ පද්ධතියක් අලුතින් හඳුන්වා දේ.
සයිබර් අවකාශයේ ළමා අපචාර ගැන ක්‍රියාත්මක වීමේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගනිමින් ආරම්භ වූ මෙම මුලපිරීම ඉලක්ක කරන්නේ ළමුන්ගේ නිරුවත් ඡායාරූප සහ අශෝභන වීඩියෝ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නාලිකා හරහා ව්‍යාප්ත කරන්නන්ය.
https://www.dinamina.lk

යූටියුබ් හි නව යාවත්කාලීනයන් සජීවී ඉදිරිපත් කිරීම් (ලයිව් ස්ට්‍රීමිං) සඳහා ක්‍රීඩාව වෙනස් කරන්නෙකු මෙන් විය හැකිය.
අන්තර්ගත නිර්මාතෘන් බොහෝ විට සජීවී ප්‍රවාහයට නැඹුරු වන්නේ මෙය ඔවුන්ට අවසානයේ තම ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසා දෙන ආකාරයේ දෙයක් වන බැවිනි.
https://www.digitalinformationworld.com

මාසික වීඩියෝව

 

සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

ලින්ක් එක

සිතුමිට ඩිජිටල් අලෙවිකරණ නියෝජිත ආයතනයකින් වට්ස්ඇප් මැසේජ් එකක් ආවා ඔන්ලයින් ජොබ් එකක් ගැන කියලා. එයාගේ නම්බර් එක අරගත්තේ ඔන්ලයින් රැකියා සම්බන්ධ වෙබ්අඩවියකින් කියලා ඒ නියෝජිතයා කිව්වා. සිතුමි හිතුවා ගෙදර ඉඳන් සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳම විදිය මේක තමයි කියලා. ඉතින් එයා තව විස්තර ඇහුවා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

පසුගිය වැඩසටහන්

හිතවතී 10 වැනි සංවත්සරය
කොළඹ BMICH හිදී

“සයිබර් අවකාශයේ ඔබේ ළබැඳි මිතුරිය” ලෙස හඳුන්වා දෙමින් 2014 වසරේ ආරම්භ වූ හිතවතී ව්‍යාපෘතිය ජයග්‍රාහී ලෙස තම දස වස් පිරීමේ චාම් උත්සවය 2024 අප්‍රේල් මස 02 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිළධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය සහ ලංකා වසම් ලේඛකාධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු ව්‍යාපෘතියට නන් අයුරින් සහය වන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.

මෙහිදී දස අවුරුදු ගමනේ වැදගත් සංධිස්ථාන සනිටුහන් කරමින් පොත් පිංචක් එළි දක්වන ලද අතර වීඩියෝ පටයක්ද නිකුත් කරන ලදී. මීට අමතරව, පසුගිය වසර 10 තුළ හිතවතී ව්‍යාපෘතියට සහය වූ පාර්ශවයන් ඇගයීමට ලක් කරන ලදී.

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
සාවික්මා ඔටෝමේෂන් සහ ඉන්ජිනියරින් සර්විසස් පුද්ගලික සමාගමේදී

2024 අප්‍රේල් 1 වන වන දින සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් මූනමලේ සාවික්මා ඔටෝමේෂන් සහ ඉන්ජිනියරින් සර්විසස් පුද්ගලික සමාගමේදී පැවැත්වූ අතර ඒ සඳහා එහි කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ඇල්පිටිය, ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී

2024 මාර්තු මස 30 වන දින ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ‘දක්ෂිණ ජන මෙහෙවර’ වැඩසටහනේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතිය මඟින් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ඒ සඳහා 50ක පමණ පිරිසක් සහභාගි වූහ.

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
කුකුලේගඟ ලයා ලෙෂර් හිදි

2024 මාර්තු මස 28 වන දින සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කුකුලේගඟ ලයා ලෙෂර් හිදි පැවැත්වූ අතර ඒ සඳහා ස්වාධීන රූපවාහිනි නාලිකාව මඟින් පැවැත්වූ අවුරුදු කුමර කුමරියන් තරඟයේ තරඟකරුවන් සහභාගි වූහ.

හිතවතී සහභාගි වූ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය පාර්ශවකරුවන්ගේ සංසදය
කොළඹ කෝට්යාර්ඩ් බයි මැරියට්හිදී

2024 මාර්තු 21 වන දින ‘Search for Common Ground’ මඟින් සංවිධානය කරන ලද දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය පාර්ශවකරුවන්ගේ සංසදය සඳහා හිතවතී සහභාගි විය. මෙහිදි ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදි. විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වූ මේ සංසදය කොළඹ කෝට්යාර්ඩ් බයි මැරියට්හිදී පැවැත්විණි.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

නව HTTP/2 අවදානම මඟින් වෙබ් සර්වර් DoS ප්‍රහාරවලට නිරාවරණය කරයි.
HTTP/2 ප්‍රොටෝකෝලය තුළ ඇති CONTINUATION රාමුව සේවය ප්‍රතික්ෂේප කිරීමේ (Denial of Service / DoS) ප්‍රහාර සිදු කිරීමට යොදා ගත හැකි බව නව පර්යේෂණයකින් සොයාගෙන ඇත.
https://thehackernews.com

CISA විසින් අවදානමට ලක් වූ දුර්වලතා දෙකක් නාමාවලියට එක් කරයි.
CISA සක්‍රීයව අවදානම් අවභාවිත කරන සාක්ෂි මත පදනම්ව, එහි හඳුනාගත් බරපතල අවදානම් නාමාවලියට නව අවදානම් දෙකක් එකතු කර ඇත.
https://www.cisa.gov

Google Chrome හි බොහෝ දුර්වලතා (CERT-NCSOC-0221)
දුරස්ථ ප්‍රහාරකයෙකුට ඉලක්කගත පද්ධතිය මත DoS තත්ත්වය ඇති කිරීමට සහ දුරස්ථ කේත ක්‍රියාත්මක (RCE) කිරීමට මෙම දුර්වලතා සමහරක් ප්‍රයෝජනයට ගත හැක.
https://www.onlinesafety.lk

චිත්‍රපට ඉඟිය

මකුළු දැළේ ඉන්න ගැහැණු ළමයා / The Girl in the Spider’s Web (2018)

තරුණ පරිගණක හැකර් Lisbeth Salander සහ මාධ්‍යවේදී Mikael Blomkvist තමන් සයිබර් අපරාධකරුවන්, දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ ඔත්තුකරුවන් පිරුණු ජාලයකට හසු වී ඇති බව තේරුම් ගනී.
https://www.youtube.com

ගැජට්

 

Edge Impulse හි වාහන නැවැත්වීමේ ස්ථානය සොයා ගැනීම

වාහන නවතා ඇති හා නැවැත්වීමට ඉඩ ඇති ස්ථාන දෙකම පෙන්වන Edge Impulse හි වස්තු හඳුනාගැනීමේ ආකෘතියක් සාදන්න.
https://www.hackster.io

සිංහල තේරුම :

පෞද්ගලික හා ආරක්‍ෂක හේතු මත මගේ ලින්ක්ඩ්ඉන් එකේ සියළු විස්තර බොරු ඒවා……

https://cybersecurityventures.com/

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.