අවසන් වරට යාවත්කාලීන කලේ 2022/12/20

2022 නොවැම්බර් 20 තෙවන වෙළුම – 11 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

Tinder (ටින්ඩ(ර්)) හි වාර්තා/රිපෝට් කිරීම


අපි Tinder (ටින්ඩ(ර්)) හි වාර්තා කරන ආකාරය පිලිබඳව දැන ගනිමු!

Tinder යෙදුම (ඇප්) ආදර සබඳතා ආරම්භ කිරීමට සිටින අය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. එය කෙනෙකුට ගැලපෙන තැනැත්තා සොයා ගැනීමට ස්ථානයක් වුවද නපුරු අරමුණු සහිත වංචනිකයින් පවා එම යෙදුම භාවිත කළ හැක. ටින්ඩ(ර්) යෙදුමේ සහ එය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව උදෙසා එවැනි ගිණුම් වාර්තා (රිපෝට්) කිරීමට අවස්ථාව ලබා දී ඇත.

 

ඔබ දැන සිටියාද?

  • දැනට වැඩිම විෂ සහිත (most toxic) සමාජ මාධ්‍ය යෙදවුම මොකක්ද? ට්විටර් (පර්යේෂණ මත පදනම්ව).
    https://www.forbes.com
  • එක්සත් ජනපදයේ, අන්තර්ජාල භාවිත කරන වැඩිහිටියන්ගෙන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් තම ජීවිත කාලය තුළ පුද්ගලිකව සයිබර් හිරිහැරයන්ට මුහුණ දුන් බව වාර්තා වෙයි.
    https://www.statista.com
  • ලොව පුරා ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන් මිලියන 20කට බලපාන, යෙදුම් Google විසින් ඉවත් කරයි.
    https://dazeinfo.com
  • අග්නිදිග ආසියාවේ ඉහළම ඩිජිටල් ආර්ථිකයන් 2022 දී ඩොලර් බිලියන 200 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවට වාර්තා වෙයි.
    https://www.cnbc.com


YouTube හැන්ඩ්ල්ස් යනු කුමක්ද?

 

    1. යූ-ටියුබ් චැනල් හරහා පහසුවෙන් එකිනෙකා හඳුනාගැනීමට සහ සම්බන්ධ වීමට භාවිත කලහැකි නවතම ක්‍රමයකි.
    2. “හැන්ඩ්ල්” යන්න එක් එක් යූටියුබ් නාලිකාවකට(YouTube Channel) අනන්‍ය වේ.
    3. YouTube හි ඇති සෑම නාලිකාවකටම “යූ-ටියුබ් හැන්ඩ්ල්” එකක් වෙන්වෙනු ඇත.
    4. ඔබටම වෙන්වු පුද්ගලාරෝපිත(personalized) YouTubeURL එකක් නොමැති නම් ඒ සඳහා “හැන්ඩ්ල්” යොදාගත හැකිය. ඒ මගින් යු-ටියුබ් යෙදුමෙන් බාහිරව වුවත් ඔබේ නාලිකාවේ ප්‍රචාරණ කටයුතු වලට YouTube Handle භාවිත කරගත හැකිය

වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

අනතුරු ඇඟවීම (ඉහළ): OpenSSL අනුවාදය 3.x හි පවතින ඉහළ බරපතල අවදානම්

3.x වලට වඩා වැඩි OpenSSL අනුවාද වල buffer overflow අනාරක්ෂිතභාවයක් ගැන (CVE-2022-3786) සහ buffer overrun අවදානමක් (CVE-2022-3602) හඳුනාගෙන ඇත.
https://www.cyber.gov.au

ඇඟවීම (AA22-294A) – #StopRansomware: Daixin කණ්ඩායම

Daixin කණ්ඩායම යනු, ransomware සහ දත්ත කප්පම් මෙහෙයුම් සිදුකරන කණ්ඩායමකි. ඔවුන් විසින් සෞඛ්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය අංශය ඉලක්ක කර ඇති මෘදුකාංග සහ දත්ත කප්පම් අවම වශයෙන් 2022 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කරතැයි සැලකේ.
https://www.cisa.gov

VMware Cloud Foundation සඳහා තීරණාත්මක ආරක්ෂක යාවත්කාලීන නිකුත් කරයි

විවේචනාත්මක යාවත්කාලීන RCE අවදානමක් සහ DoS තත්ත්වයකට තුඩු දිය හැකි දෙවන අවදානමක් පිළිබඳව සඳහන් කරයි.
https://digital.nhs.uk

සයිබර් ආරක්ෂණ සහ යටිතලපහසුකම් ආරක්ෂණ ඒජන්සිය (Cybersecurity and Infrastructure Security Agency – CISA ) විසින් සූරාකෑමේ අවදානමක් නාමාවලියට එක් කර ඇත

මෙම අවදානම අනිෂ්ට සයිබර් ක්‍රියාකාරීන් සඳහා නිරන්තර ප්‍රහාරක දෛශිකයක් (attack vector) වන අතර ෆෙඩරල් ව්‍යවසායයට සැලකිය යුතු අවදානමක් ඇති කරයි.
https://www.cisa.gov


සයිබර් පුවත්

 

DOJ බේරුම්කරණයේ අනුකූලතා ප්‍රතිසංස්කරණ සඳහා Google එකඟ වේ

2016 දි කළ සෙවුම් වරෙන්තුවකට (search warrant) ප්‍රතිචාර ලෙස අවශ්‍ය වූ දත්ත නැතිවීම පිළිබඳ ආරවුලක් විසඳීම සඳහා ගූගල් සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව (DoJ) විසින් එකඟතාවයකට පැමිණ ඇත.
https://cybernews.com

ට්විටර් හි සක්‍රීය පරිශීලකයින්ගේ අඩුවක් වාර්තා වෙයි

ට්විටර් හි වඩාත් ක්‍රියාකාරී ඉංග්‍රීසි කතා කරන පරිශීලකයින් අතර පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ ක්‍රිප්ටොකරන්සි හා අසභ්‍ය දර්ශන වැනි අනාරක්ෂිත අන්තර්ගතයන් කෙරෙහි ඇතිවූ රුචිකත්වයේ වෙනස එහි දැන්වීම් පලකරන්නන් අධෛර්යමත් කරන බවට අභ්‍යන්තර පර්යේෂණයකින් හෙළි වෙයි.
https://cybernews.com

ඕස්ට්‍රේලියානු සායනික රසායනාගාර සයිබර් ප්‍රහාරයේ දී ක්‍රෙඩිට් කාඩ් අංක, වෛද්‍ය වාර්තා ඩාක් වෙබ් (dark web) හි පලවී තිබේ

සයිබර් අපරාධකරුවන් සංවේදී තොරතුරු සොරකම් කර ඇති බව සමාගම පිළිගන්නා බැවින් ඕස්ට්‍රේලියානුවන් 220,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.
https://7news.com.au


සත්‍ය කතා

හිත ඇදෙන ෆේස්බුක් ඇඩ්


කොවිඩ් වසංගතයත් එක්ක පසුගිය අවුරුදු කිහිපයේදී ගොඩක් දෙනෙක්ට ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වුණා. හෙෂානිටත් වුනේ ඒකමයි. එයා සල්ලි හොයන්න එක එක විදියට උත්සාහ කරා. ඒත් ඒ කිසිම දෙයක් හරි ගියේ නෑ.

ඉතින් ඊටපස්සේ…..?

ඇයට කුමක් වුනේ ද? …….

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

  • 2022 ඔක්තෝබර් මස 14වන දින රිකිල්ලගස්කඩ නැණසල මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවකදී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා, ගුරුභවතුන් සහ සිසු සිසුවියන් 60ක් පමණ සහභාගී වූහ.
  • 2022 ඔක්තෝබර් මස 18වන දින බලංගොඩ බුද්ධ ජයන්ති මධ්‍යමහා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවකදී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් එම විද්‍යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා, පාසලේ ගුරුභවතුන් සහ සිසු සිසුවියන් 100ක් පමණ සහභාගී වූහ.

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය
ද (ර්) ඉටෑලියන් ජොබ්ස් (2003)

 

මෙම ත්‍රාසජනක චිත්‍රපටයේ, එඩ්වඩ් නෝටන් සොරෙකු ලෙස රඟපායි, තම හවුල්කරුවන් විසින් සිදු කල මංකොල්ලයක දී සොරකම් කළ රත්‍රන් සියල්ලම ඔහු නැවත සොරකම් කරයි. හවුල්කරුවන් විසින් ඔහුව සොයා ගැනීමට උසස් සයිබර් ආරක්ෂණ ක්‍රම භාවිත කරයි.
https://youtu.be/uw6jY3VuOcI

ගැජට්
ඔබ කැමතිද මගේ සුරතල් බලුපැටියා සමඟ සෙල්ලම් කරන්න? 🐕‍🦺

ඔබ තනියම ගෙදරට හිරවෙලා ඔබට පාලුයි වගේද, ඔයා එක්ක සෙල්ලම් කරන්න කවුරුවත් නැද්ද? විනාඩි 10න් LCD යාළුවෙක් හදාගන්න.
https://www.hackster.io/

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.


සිංහල තේරුම :
“මේ තියෙන්නේ ඇපල් ගහක්, හරිනේ ද?
ඒ උනාට කෝ අර සැම්සන්ග්, ලෙනෝවා, එච්පී ගස්…. “

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.