අවසන් වරට යාවත්කාලීන කලේ 2024/03/21

2024 මාර්තු 20, පස්වන වෙළුම – 03 වෙනි කලාපය

මාසික සඟරාව

ලීක් වෙයි කියලා බයද?

ඔයාට අතීතයට ගිහින් දේවල් වෙනස් කරන්න බැරි වෙයි…ඒ්ත් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

StopNCII.org (ස්ටොප් එන්.සී.අයි.අයි.) පවත්වාගෙන යනු ලබන්නේ SWGfL හි කොටසක් වන Revenge Porn Helpline මඟිනි. SWGfL සෑම කෙනෙකුටම කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව තාක්‍ෂණය භාවිත කළ හැකි බව සහතික කිරීම අරමුණු කරගත් මහජන සුභ සිද්ධිය උදෙසා ක්‍රියා කරන ආයතනයකි.

2000 වසරේ සිට, SWGfL අන්තර්ජාලයේ සෑම දෙනාම ආරක්ෂිතව තබා ගැනීමට ලොව පුරා හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටියි.

 

   ඔබ දැන සිටියාද?

 

  • 225,000 කට අධික සොරකම් කරන ලද ChatGPT පිවිසුම් විස්තර අඳුරු (ඩාර්ක්) වෙබ් වෙළඳපොළ තුළ විකිණීමට ඇත.
    https://thehackernews.com
  • යූටියුබ් හි iOS යෙදුමේ පරිශීලක වියදම් ගෝලීය වශයෙන් ප්‍රධාන සන්ධිස්ථානය අභිබවා යමින් ඩොලර් බිලියන 8කට ළඟා වේ.
    https://www.digitalinformationworld.com
  • ටෙලිග්‍රෑම් මූලික මහජන පිරිනැමීම (IPO) ගැන සාකච්ඡා කරන්නේ එහි පරිශීලක සංඛ්‍යාව බිලියන 1කට ආසන්න වන බැවිනි.
    https://www.theregister.com
  • ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාල ප්‍රහාරයෙන් පුද්ගලයින් 27,000කගේ පමණ දත්ත හෙළිදරව් වී ඇත.
    https://cybernews.com

උත්සව කාලයේ ගැනුම්කරුවන් සඳහා වැදගත් ඔන්ලයින් සාප්පු සවාරි ආරක්ෂණ ඉඟි 12 ක්

  • ඔබගේ උපාංගය (ඩිවයිස්) සුරක්ෂිත කරගන්න
  • පිළිගත් වෙබ්අඩවි වලින් පමණක් භාණ්ඩ මිලදී ගන්න
  • ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) භාවිත කරන්න
  • ගනුදෙනු සඳහා පොදු Wi-Fi භාවිතයෙන් වළකින්න
  • ඇදහිය නොහැකි ඉතා හොඳ වාසිදායක බව පෙනෙන ගනුදෙනු ගැන ප්‍රවේශම් වන්න
  • පෞද්ගලිකත්ව (ප්‍රයිවසි) ප්‍රතිපත්ති ප්‍රකාශන පරීක්ෂා කරන්න
  • බැංකු ප්‍රකාශන නිරීක්ෂණය කරන්න
  • ආරක්ෂිත ගෙවීම් විකල්ප භාවිත කරන්න
  • පුද්ගලික තොරතුරු ගැන සැලකිලිමත් වන්න
  • පාරිභෝගික සටහන් (රිවීව්ස්) සහ ශ්‍රේණිගත කිරීම් වෙත අවධානයෙන් ඉන්න
  • මිලදී ගත් භාණ්ඩ ප්‍රතික්ෂේප (රිටර්න්) කිරීමට අදාළ රීති තේරුම් ගන්න
  • ඔබගේ මිලදී ගැනීම් පිළිබඳ වාර්තා තබා ගන්න


සයිබර් පුවත්

 

SpaceX මඟින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට ගූගල් සමාගමේ උදව් ඇතිව චන්ද්‍රිකාවක් නිපදවයි
ලෝකයේ වඩාත්ම දියුණු මීතේන් හඳුනාගැනීමේ චන්ද්‍රිකාව පෘථිවි වායුගෝලයට යවන ලදී – එහි මෙහෙයුම ගෝලීයව ප්‍රමුඛ පෙළේ තෙල් හා ගෑස් සමාගම් විසින් නිපදවන මීතේන් මුදා හැරීම නිරීක්ෂණය කිරීමයි.
https://cybernews.com

පෑලියගොඩින් විද්‍යුත් දුම්වැටි අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය වෙයි
තම දරුවා ළඟින් දුම් ගඳක් එයි නම් වහා සොයා බලන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින නිලධාරීන් පවසන්නේ මෙම ඉ-සිගරට් විවිධ ආකාරවලින් සහ ඇතැම් විට කරපටියක හෝ ස්මාර්ට් ඔරලෝසුවක ආකාරයෙන් නිෂ්පාදනය කරන බවයි.
https://www.dailynews.lk

පරිශීලකයන්ගේ වෙබ් බ්‍රවුසින් දත්ත ඉතා සංවේදී කරුණක් බව FTC පෙන්වා දේ
FTC විසින් පරිශීලකයින්ගේ වෙබ් බ්‍රවුසින් දත්ත කෙතරම් සංවේදීද යන්න අන්තිමේ දී තීරණය කර ඇත.
https://www.digitalinformationworld.com

වෙනත් අය විසින් භාවිත කරන ලද තෙවන පාර්ශවීය දත්ත කඩකිරීම් පිළිබඳව ඇමරිකන් එක්ස්ප්‍රස් පාරිභෝගිකයින්ට දැනුම් දෙයි
තෙවන පාර්ශවීය සේවා සපයන්නෙකු විසින් සොරකම් කරන ලද දත්ත බොහෝ වෙළෙන්දන් විසින් භාවිත කිරීම පිළිබඳව ඇමරිකන් එක්ස්ප්‍රස් විසින් පාරිභෝගිකයින්ට දැනුම් දී ඇත.
https://www.pymnts.com

ජාත්‍යන්තර කාන්තා දිනය: කෘතීම බුද්ධි (AI) යුගයේ සයිබර් ආරක්ෂණ අවස්ථා පුළුල් වෙයි
ඇත්ත වශයෙන්ම, අත්දැකීම් සහ සැබෑ දැක්මේ විවිධත්වය සෑම කෙනෙකුටම ආරක්ෂිත ලෝකයක් ගොඩනැගීම සඳහා තීරණාත්මක අප්‍රකාශිත කරුණක් වේ.
https://www.microsoft.com

මාසික වීඩියෝව

 

සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

ඩොලර් නෝට්ටු ලාබෙට

පිටරට උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදැරීම සඳහා පියුමිට සල්ලි වගයක් ඕන වුණා. පිළිගත් විදේශීය අධ්‍යාපන ආයතනයක් මඟින් තමයි මේ පාඨමාලාව ඉදිරිපත් කරේ. ඒත් රටේ පැවති ආර්ථික තත්ත්වය සමඟ මුදල් ඒකකයේ ප්‍රශ්නයක් ඇති වූ නිසා ඩොලර් සොයා ගැනීම හිතපු තරම් ලේසි වුණේ නැහැ. එයා මේ ගැන කියලා යාළුවොන්ගෙන් උදව් ඉල්ලලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීම
සූම් තාක්ෂණයෙන්

2024 මාර්තු 14 වන දින හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සහ ටීන්ස්හබ් ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා බදුල්ල සහ පස්සර අධ්‍යාපන කලාපවල පාසල් ගුරුවරුන් සහභාගී වූහ.

අධ්‍යාපනයට උදව් වන දේ ගැන සාකච්ඡාව
කොළඹ විශ්වවිද්‍යාලයේ දී

2024 පෙබරවාරි 27 වැනි දින, කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය’ වැඩමුළුවේදී හිතවතී විසින් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) සංවිධානය මඟින් මෙහෙයවන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 40ක් පමණ සහභාගි වූහ.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

VMware අවදානම: EAP ඉන්ස්ටෝල් කිරීම දැන් අවලංගු කරන්න – තීරණාත්මක දෝෂයක් සක්‍රීය නාමාවලිය (Active Directory) අවදානමට ලක් කරයි
තීරණාත්මක ආරක්ෂක දෝෂයක් සොයා ගැනීමෙන් පසුව, VMware අත්හැර දැමූ වැඩිදියුණු කළ සත්‍යාපන ප්ලගිනය (EAP) අන්ඉන්ස්ටෝල් කරන ලෙස පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී.
https://thehackernews.com

ConnectWise හි ScreenConnect තුළ විවේචනාත්මක අවදානම
ConnectWise මඟින් CVE-2024-1709 හි අනාරක්‍ෂිතභාවයට විසඳුමක් (පැච්) සහ ආරක්ෂක උපදේශනයක් පළ කර ඇත.
https://www.cyber.gov.au

තර්ජනාත්මක ක්‍රියාකාරීන් Ivanti Connect Secure සහ Policy Secure දොරටුවල විවිධ අවදානම් බොහොමයක් ප්‍රයෝජනයට ගනී
Cybersecurity and Infrastructure Security Agency (CISA) සහ ඔවුන්ගේ හවුල්කරුවන් විසින් Ivanti Connect Secure සහ Policy Secure දොරටුවල කලින් හඳුනාගත් දුර්වලතා සයිබර් අපරාධකරුවන් භාවිත කරන බවට අනතුරු ඇඟවීමට මෙම ඒකාබද්ධ සයිබර් ආරක්ෂණ උපදේශනය නිකුත් කරයි.
https://www.cisa.gov

චිත්‍රපට ඉඟිය

ටෙනට් (2020)

ප්‍රධාන චරිතය ලෙස CIA ක්‍රියාකාරිකයෙකු සිටින මෙහි අනාගතයේදී හැසිරවිය හැකි සහ ආයුධ ලෙස භාවිත කළ හැකි වස්තූන් කිහිපයක් වැරදි අතකට පත් වූ විට, ලෝකය බේරා ගැනීමක් ගැන කියවෙයි.
https://www.youtube.com

ගැජට්

 

අන්ධ සහ දෘශ්‍යාබාධිතයින් සඳහා AI-බලගැන්වූ යෙදුම

NVIDIA Jetson AGX Orin 64GB Kit මත දෘෂ්ටි භාෂා ආකෘතියකින් බල ගැන්වෙන ගේම් වෙනස් කිරීමේ තාක්ෂණය.
https://www.hackster.io

සිංහල තේරුම :

කියවන්න එපා හැරල්ඩ්! මම මේ දැන් ලොතරැයියක් දින්නා. ඔවුන්ට මගේ පින් අංකය ඕනේ.
https://cybersecurityventures.com/

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.