අවසන් වරට යාවත්කාලීන කලේ 2022/08/20

2022 අගෝස්තු 20 තෙවන වෙළුම – 08 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

උපාංග (ඩිවයිස්) ෆැක්ට්‍රි රිසෙට් කරන ආකාරය


ඔබගේ උපාංගයේ ෆැක්ට්‍රි රිසෙට් කිරීම ඉතා වැදගත් වේ. පහත දැක්වෙන උපදෙස් මගින් තෝරාගත් උපාංග කිහිපයක් ෆැක්ට්‍රි රිසෙට් (Factory Reset) කරන ආකාරය පිළිබඳ ඔබට දැන ගත හැක.

 

ඔබ දැන සිටියාද?

 

  • තත්පරයට ටෙරාබිට් 319ක (Tb/s) වාර්තාගත අන්තර්ජාල වේගයක්
    මේ කියන්න යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය ගෘහස්ථ අන්තර්ජාල වේගයට වඩා මිලියන 7.6 ගුණයකින් වැඩි අන්තර්ජාල වේගයක් පිලිබඳවයි. මෙම අධිවේගය ලබා ගැනීමට, පර්යේෂකයන් විසින් විශේෂ (4 cores) පර්යේෂණාත්මක ඔප්ටිකල් තන්තු (optical fiber)නිපදවා ඇත.
    https://bigthink.com
  • දෙමාපියන්ගෙන් 82%ක්ම පවසන්නේ තම දරුවන් YouTube නරඹන බවයි
    https://www.digitalinformationworld.com
  • Z පරම්පරාවෙන් 70%ක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් එතරම් සතුටු නැත.
    https://www.digitalinformationworld.com
  • ඉන්දියාවේ පමණක් ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 239.65 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, එය ෆේස්බුක් බලන්නන් වැඩිම පිරිසක් සිටින රටවල් අතර ප්‍රමුඛම රට බවට පත් කරයි. (2022)
    https://www.statista.com

ඔන්ලයින් බැංකු කටයුතු වලදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණූ මොනවාද?

 

    1. මුරපදය (පාස්වර්ඩ්)
    2. ලොගින් වීම
    3. ලින්ක් සහ වෙබ් අඩවි
    4. උපාංග (ඩිවයිස්)
    5. සම්බන්ධතාවය (කොනෙක්ටිවිටි)
    6. යෙදුම් (ඇප්) සහ මෘදුකාංග (සොෆ්ට්වෙයා)
    7. වෙබ් අඩවි වල ආරක්‍ෂිත භාවය පරික්ෂා කිරීම
    8. සැක සහිත කෙටි පණිවිඩ (SMS) සහ ඇමතුම්
    9. ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය
    10. පද්ධතිය සහ ප්‍රතිවෛරස් මෘදුකාංග යාවත්කාලින කිරීම

වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

සයිබර් ආරක්ෂණ සහ යටිතල පහසුකම් ආරක්ෂණ නියෝජිතායතනය (Cybersecurity and Infrastructure Security Agency – CISA) විසින් Atlassian Confluence ගැන අනතුරු අඟවයි

මෑතකදී අනාවරණය කරන ලද මෙම Atlassian ආරක්ෂක දෝෂය එහි සක්‍රීය සූරාකෑමේ සාක්ෂි මත පදනම්ව , එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ සහ යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සිය (CISA) විසින් පලකරන , “දැනුවත් වූ සූරාකෑමට ලක් වූ අවදානම් නාමාවලියට” හෙවත් Known Exploited Vulnerabilities Catalog එකට පසුගිය සිකුරාදා එක් කළේය.
https://thehackernews.com

“ParseThru” දුර්වලතාවය Cloud-native යෙදුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වීමට ඉඩ සලසයි

Oxeye පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති අන්දමට, GoLang-පාදක යෙදුම්වල ඇති නව අවදානමක් මගින් තර්ජනාත්මක නළුවෙකුට යම් යම් කොන්දේසි යටතේ, වලංගු කිරීම් (validations) මඟ හැරීමට සහ cloud-native applications වෙත අනවසර ප්‍රවේශය ලබා ගැනීමට ඉඩ සලසයි.
https://www.helpnetsecurity.com

චීන හැකර්වරුන් විසින් නව Cobalt Strike වැනි ප්‍රහාරක රාමුවක් භාවිතා කරයි

අනිසි ලෙස බහුලව භාවිතා කරන Cobalt Strike මෙවලම් කට්ටලයට විකල්පයක් ලෙස හෝ ඒහා සමගාමීව භාවිතාකර එය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා, Manjusaka නමින් හැඳින්වෙන පසු-සූරාකෑමේ ප්‍රහාර රාමුවක් හෙවත් post-exploitation attack framework එකක් බහුලව භාවිතා වන බව පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර ඇත.
https://www.bleepingcomputer.com


සයිබර් පුවත්

 

සිංගප්පූරුවේ නව යෝජිත අන්තර්ජාල නීති යටතේ , සමාජ මාධ්‍ය වේදිකාවල ඇති හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීම මෙන්ම නිසි ආරක්ෂාව ලබාදීමද නීත්‍යානුකූල අවශ්‍යතාවයක් බවට ඉක්මනින් පත්වනු ඇත

Facebook, TikTok සහ Twitter වැනි සමාජ මාධ්‍ය වේදිකා ළඟදීම ආරක්ෂිත ප්‍රමිතීන් සහ අන්තර්ගතයන් සීමා කිරීම/ අධික්ෂණය කිරීම සිංගප්පූරුවේ නීත්‍යානුකූල අවශ්‍යතාවයක් වනු ඇත.
https://www.asiaone.com

NHS 111 මෘදුකාංග ඇනහිටීම සයිබර් ප්‍රහාරයක් ලෙස තහවුරු විය

එංගලන්ත NHS 111සේවාවට (ජාතික සෞඛ්‍ය සේවය) බලපෑ මෘදුකාංග ඇනහිටීම සයිබර් ප්‍රහාරයක් නිසා සිදුවූවක් බව තහවුරු වී ඇත.
https://www.bbc.com/

TikTok ඇමරිකා එක්සත් ජනපද දත්ත චීනයට මාරු කර ඇති බවට ඉඟි කරයි

චීනයේ ByteDance ආයතනයට අයත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok විසින් ඇමරිකා එක්සත් ජනපද පරිශීලක දත්ත චීනයට මාරු කර ඇති බව ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභා (FCC) රිපබ්ලිකන් කොමසාරිස් පවසයි.
https://cybernews.com

2021 ඉහළම අනිෂ්ට මෘදුකාංග බලපෑම

2021 වසරේ ඉහළම අනිෂ්ට මෘදුකාංග වර්ග වන්නේ: ටෙස්ලා ඒජන්සිය (Agent Tesla), AZORult, ෆෝම්බුක් (Formbook), අර්ස්නිෆ් (Ursnif), ලොකිබොට් (LokiBot), මවුස්අයිලන්ඩ් (MOUSEISLAND), නැනෝකෝ(ර්) (NanoCore), කොක්බොට් (Qakbot), රෙමකොස් (Remcos), ට්‍රික්බොට් (TrickBot) සහ ගූට්ලෝඩර් (GootLoader) යනාදියි.
https://www.cisa.gov/uscert


සත්‍ය කතා

බ්ලැක්මේල් වංචාකරුගේ ඉරණම


විශ්මා සහ රන්දික හරිම ආදරෙන් හිටපු අලුත බැඳපු ජෝඩුවක්. එයාලා ගත කලේ හරිම සරල ජීවිතයක්. ඒ වගේම තමයි ඒ දෙන්නා හරිම සතුටින් හිටියෙ. විශ්මා ගෙදර ඉඳන් එයාගෙම ව්‍යාපාරයක් කලේ. රන්දික පෞද්ගලික ආයතනයක තමයි වැඩ කලේ.

බලාපොරොත්තු නොවුන වෙලාවක විශ්මාට අමුතු මැසේජ් සහ මිස්කෝල්ස් වගයක් තියනවා.

සම්පූර්ණ කතාව කියවන්න….

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

ජූම්ලා පුහුණු වැඩමුළුව – බුත්තල නැණසල

2022 අගෝස්තු 02 වැනි දින මොණරාගල දුටුගැමුණු ජාතික පාසලේ පැවැත්වූ, බුත්තල නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා ගුරුවරු සහ සිසු සිසුවියන් 60 දෙනෙක් පමණ සහභාගී වූ අතර දිස්ත්‍රික් ලේකම්තුමා, කළාප අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා සහ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරි මහතා යනාදී නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.


අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය
ද ඉමිටේෂන් ගේම් (2014)

 


බෙනඩික් කම්බර්බැච් (Benedict Cumberbatch) රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානය සඳහා නම් කරන ලද අතර, මෙම චිත්‍රපටය මගින් 2 වන ලෝක සංග්‍රාම කාලයේ ජර්මනියේ ප්‍රහේලිකා කේතය බිඳ දැමීමට අලුතින්ම පිහිටුවන ලද බ්‍රිතාන්‍ය ඒජන්සියකට ගණිතඥයෙකු බඳවා ගන්නා ආකාරය පිලිබඳ කතාව දිගහැරෙයි. සයිබර් ආරක්ෂණය දැන් පරිණාමය වීම වඩා සීග්‍රයෙන් වෙනස් වුවද, මෙය තවමත් කාලීන චිත්‍රපටයකි. මක්නිසාද යත්, සයිබර් ආරක්‍ෂාව සඳහා දැනටමත් භාවිතා කරන ජාතික ආරක්‍ෂක යෙදුම් මේවා නිසා.
https://youtu.be/nuPZUUED5uk

ගැජට්
ටර්මිනේටර් හිස්කබල (Terminator Skull)


මිනිසුන්/වස්තූන් සමඟ කතා කිරීමට, ඒවාට සවන් දීමට සහ ඒවා හඳුනා ගැනීමට මෙම හිස් කබලට හැකියාව ඇත.
https://www.hackster.io/314reactor/terminator-skull-9bf229

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.


සිංහල තේරුම :
ස්මාර්ට්ෆෝන් සෝම්බීන්ගෙන් (zombies) පරිස්සම් වන්න!

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.