FactC

Fact Crescendo (ෆැක්ට් ක්රෙසෙන්ඩෝ)

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/25

Fact Crescendo යනු ජාත්‍යන්තර කරුණු පිරික්සුම් ජාලය (IFCN) විසින් සහතික කොට ඇති කරුණු විමර්ශනය කෙරෙන සංවිධානයකි. ඔවුන් තෙවන පාර්ශවයක් ලෙස Meta ආයතනයේ සමාජ ජාලාහි කරුණු පරීක්ෂා කිරීමේ හවුල්කරුවෙක් ද වේ. ස්වාධීන, අපක්ෂපාතී පර්යේෂකයන් කණ්ඩායමක් යටතේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අසත්‍ය සහ නොමඟ යවනසුලු සටහන් බෙදා හැරීම අවම කිරීමට කැපවී සිටින Fact Crescendo Sri Lanka ආයතනය, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කරුණු පරීක්ෂාවන් රැසක් සිදු කරන තිබෙනවා. එසේම එම ආයතනය සමාජ මාධ්‍ය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අසත්‍ය තොරතුරු බෙදා හැරීම සීමා කිරීම සඳහා දියත්වූ ව්‍යාපෘති කිහිපයකම කොටස්කරුවෙක් ලෙස ද ක්‍රියාකරයි.