Vertical logo with the tagline

ලක් වසම් ලේකඛාධිකාරය (LK Domain Registry)

අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/10

ලක් වසම් ලේඛකාධිකාරය ස්ථාපිත කරන ලද්දේ 1990 වසරේ දීය. ආරම්භයේ පටන්ම එම ආයතනයේ ප්‍රධාන කර්තව්‍යයක් ලෙස වසම් (domain) ලියාපදිංචි කිරීමේ සේවාව ලබා දීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හා ඒ ආශ්‍රිත සේවා වැඩිදියුණු කිරීමට, අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීම යන සේවා ලබාදී ඇත. ලක් වසම් ලේකඛාධිකාරය, ශ්‍රී ලංකාවේ “.lk” වලින් අවසන් වන වෙබ් ලිපිනයන් සඳහා ඇති පරිපාලක ආයතනයවේ. ලංකාවේ ජාතික මට්ටමේ ඩොමේන් නාමය ලෙස, “.lk” වසම මගින් ශ්‍රී ලංකාවේ සංවිධාන සහ පුද්ගලයන් අන්තර්ජාලය තුළ ඔවුන්ගේ අද්විතීය වෙළඳ නාම අනන්‍යතාවය සපයයි. ඉංග්‍රීසි වලට අමතරව, සිංහල හා දෙමළ භාෂාවෙන් ද ඩොමේන් නාම ලියාපදිංචි කළ හැකිය. ලක් වසම් ලේඛකාධිකාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත විශේෂ ස්තූතිය පිරිනැමේ. www.domains.lk