slcert-ogo-200×200

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය | සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Sri Lanka CERT | CC)

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/23

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය | සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වූ කලී පරිගණක පද්ධති සහ ජාලවල ආරක්ෂාවට (network) බලපාන නවතම තර්ජන සහ අවදානම් පිළිබඳ උපදෙස් සපයන සහ සයිබර් ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීම සහ නැවත ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාතික සහ සාමාජික සංවිධාන වලට සහාය වන විශේෂඥයන්ගෙන් සැදුම් ලත් ආයතනයවේ. මෙම ආයතනය 2006 ජුනි මාසයේදී ආරම්භකරන ලද අතර එය පුද්ගලික සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත. 2018 වසරේ අගෝස්තු මස සිට එය සෘජුවම විදුලි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පාලනයවේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරි ලාල් ඩයස් මහතා සහ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතිය පිරිනැමේ. www.slcert.gov.lk