image0

යෙහෙළිය පදනම

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/25

යෙහෙළිය පදනම යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාජ සංවිධානයකි. 2018 වසරේ එහි ආරම්භයේ සිටම යෙහෙළිය සංවිධානය විවිධ මට්ටම්වල තරුණියන්ට සහ කාන්තාවන්ට ආරක්ෂිත අවකාශයක් සහ සම වේදිකාවක් නිර්මාණය කිරීමට නොපසුබටව ක්‍රියාත්මක වන්නේය.

එබැවින්, යෙහෙළිය සංවිධානයේ ප්‍රතිපත්ති උපදේශනයේ මූලික අවධානය යොමු වන්නේ, ශ්‍රී ලාංකීය නීති, ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්‍රමයන්හි කාන්තාවන්ට මුහුණ පෑමට සිදු වන වෙනස් කොට සැලකීම් හඳුනාගෙන එමෙන්ම ඒ සඳහා ඇති නෛතික හා ප්‍රතිපත්තිමය හිඩැස් හඳුනාගෙන ඒවා තුලනය කිරීමයි.