කාගෙන්ද මම උදව් ගන්නේ?

“මටත් අන්තර්ජාලය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා….මගේ ඉ-මේල් එක හැක්වෙලා …එහමත් නැත්නම් නරක විදියට වෙනස් කරපු මගේ පින්තූරයක් මූණු-පොතේ( facebook) එකේ පළ කරලා….මම කාටද කියන්නේ?”

මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබටත් ඇතිවුනාද? නැත්නම් ඔයාගේ යාලුවෙක්ට, දන්න කියන කෙනෙකුට සිද්ධවුනාද?

“හිතවතී” ඔබගේ උපකාරක කවුළුවයි.  අපි ඔබ වෙනුවෙන් සිටින්නෙමු.

ඔබට සයිබර් සම්බන්ධ විසඳාගත නොහැකි කිසියම් ගැටළුවක් හමු වුවහොත් පළමුව අපට කතා කරන්න. අවශ්‍ය අදාල පියවර ගරනීම සඳහා අපට ඔබට උදවු කල හැක.

ඊට අමතරව, එහෙම ප්‍රශ්නයක් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔයා දන්නවාද මොකක්ද නිවැරදි පිළිතුර කියලා..

ලංකාවේ අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ආයතන කීපයක් තියෙනවා. එවැනි ප්‍රධාන ආයතන 03ක් ගැන කෙටි විස්තරයක් මේ.

  1. ඉන් පළමු වැන්න ශ්‍රී ලංකා පොලීසිය (Sri Lankan Police Cyber crime unit )
    අන්තර්ජාලය තුල සිදුවන වංචනික හෝ අයථා ක්‍රියා සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කරල තියෙනවා Internet Crime Complaint Centre (IC3) කියල තමයි කියන්නේ.විශේෂයෙන් සමාජවෙබ් අඩවි (උදා: facebook, twitter ආදී) තුල සිදුවන අකටයුතු කම් පිළිබඳ ඔබේ පැමිණිලි යොමුකරන්න සහ තොරතුරු ලබා ගන්න පහත දුරකතනය හරහා සිදුකරන්න පුලුවන්.011-242-3945මේ විදියට පැමිණිල්ලක් සිදුකරන එක (අපි සාමාන්‍යයෙන් කියන්නේ ‘එන්ට්‍රි’ එකක් දානවා කියලා) හරිම වැදගත්. ඒ මොකද කියල මම කියන්නම්. මෙම වංචාව සිදුකරන ලද පුද්ගලයා/ආයතනය පිළිබඳ නීතිමය කටයුතු සිදු කරන්නට සහ අන්තර්ජාලය හරහා ඒ පුද්ගලයා හසු කරගැනීමට කටයුතු කිරීමටත් පොලිසියේ පැමිණිල්ලක් සිදු කර තිබීම අත්‍යාවශ්‍ය වෙනවා.IC3 ගැන වැඩි විස්තර : www.telligp.police.lk
  2. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය.( Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)
    ලංකාවේ Cyber Security පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ආයතනයක් තමයි ශ්‍රී ලංකා සර්ට් (SLCERT) ආයතනය. පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් මෙම ආතනය මගින් ලබාදෙන මූළික සේවාවක්. මෙම ආයතනය මගින් පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් පෞද්ගලික මට්මමෙන් මෙන්ම ආයතනික මට්ටමෙනුත් ලබාදෙනු ලබනවා. අන්තර්ජාලය හරහා සිදුකරන වංචනික ක්‍රියා පිළිබඳ සොයාබලන්න විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ ඔබට අවශ්‍ය සහය ලබා දීමටත් මෙම ආයතනය බැඳී සිටිනවා.පහතින් දැක්වෙන්නේ එම ආයතනය සමඟ සම්බන්ධවෙන්න අවශ්‍ය විස්තර:
    ඔබට එවැනි සිද්ධියක් පිළිබඳ පැමිණිලි කිරීමට : www.slcert.gov.lk/report_incident.phpවෙබ් අඩවිය :www.slcert.gov.lk
    ලිපිනය: කාමර අංක 4-112, බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.
    දුරකතන: +94 11 269 1692 / 269 5749 / 267 9888
    විද්‍යුත් තැපැල: slcert@cert.gov.lk
    ෆැක්ස්: +94 11 269 1064
  3. TechCERT ආයතනය
    ටෙක් සර්ට් (TechCERT) ආයතනය කියන්නේ LK Domain Registry කියන ආයතනයේ එක් අංශයක්. මෙම ආයතනය මගිනුත් පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් පෞද්ගලික මට්මමෙන් මෙන්ම ආයතනික මට්ටමෙනුත් ලබාදෙනු ලබනවා. මෙම ආයතනය Cyber Securiry හා වැදගත් වෙන නවතම තොරතුරු ලබාගැනීම සඳහා දේශීය මෙන්ම අන්තර්ජාතික ආයතනයන් සමඟත් කටයුතු කරනු ලබනවා.වෙබ් අඩවිය: www.techcert.lk
    ලිපිනය : පළමු මහළ, බර්නාඩ්ස් ව්‍යාපාර පුරය, 106, දුටුගැමුණු මාවත, දෙහිවල.
    සෘජු දුරකතන අංක : +94114219125 , 0114- 462 562 (hotline)
    ෆැක්ස්: +94112650805
    විද්‍යුත් තැපැල: info@techcert.lk