• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!

  • මුල් පිටුව
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂක ඉඟි
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!

ඉ-තැපැල් හරහා සිදුකරන සොරකම් හඳුනාගනිමු…

සයිබර් අවකාශයේ අපරාධකරුවන් ඔබේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සඳහා විවිධ ප්‍රයෝග භාවිතා කරනවා. සමහර දේවල් අපි අවධානයෙන් හිටියොත් වළක්වාගන්න පුලුවන්. ඉ-තැපැල් භාවිතයෙන් සිදුකරන ඒවගේ ප්‍රයෝග හඳුනාගන්න සහ එවා වලින් වැලකෙන්න ඉඟි කීපයක් මේ ලිපියෙන් බලමු!

  1. ඔබ නොදන්න කෙනෙක් ගෙන් ලැබෙන සැකකටයුතු ඉ-තැපැල් ලිපියක් නැත්නම් චැට් එකක් /instant message එකක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක පිටුවක් මගින් ඔබගේ ඉ-තැපැල් ගිණුමේ මුරපදය(password) හෝ ඔබගේ බැංකු/මුදල් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඇහුවොත් ඒවා ලබා නොදෙන්න!එවන් විටක පහත සඳහන් තොරතුරු ඔබෙන් ලබා ගන්නවා නම් සැළකිළිමත්වෙන්න.
    • පරිශීලක නාම
    • මුරපද
    • සමාජ ආරක්‍ෂක අංක
    • PINs (Personal Identification Numbers)
    • බැංකු ගිණුම් සම්පූර්ණ අංක
    • බැංකුණය කාඩ්පත් රහස් අංක/ගිණුම් අංක
    • ඔබේ මවගේ (විවාහවිමට) පෙර නම
    • ඔබේ උපන්දිනය

    ඔබට සැකසහිත මෙවැනි ඉ-මේල් හරහා ලබාදෙන යොමු(link) වල ඇති දත්ත ආකෘති පත්‍ර (form) පිරවීමෙන් වළකින්න. ඔබ එහි ඇති “submit” බොත්තම එබීමට පෙර දත්ත පුරවන අවස්ථාවේදී වුවත් ඔබේ තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
    එවගේම තවත් එක් උදාහරණයක් තමයි ඇතැම් ඉ-තැපැල් ලිපි එනවා ඔබේ යහලුවෙකුගේ නමින්…ඔහුට මුදල් හදිසියක් වෙලා ඔවුන් ලබාදෙන ගිණුම් අංකයකට යම් මුදල් ප්‍රමාණයක් බැර කරන ලෙසට. ඒ වගේම එම පණිවිඩයේම ලබා දෙන ඇතැම් යොමු(link) ක්ලික් කරන ලෙසටත්. මේවායිනුත් ඔබේ තොරතුරු ඔබට නොදන්වාම ලබා ගන්න පුළුවන් (පරිශීලක නාම/මුරපද ආදිය)

  2. ඔබේ ඉ-මේල් හරහා හෝ ඔබට අවිශ්වාස චැට් එකක් හරහා ලබා දෙන යොමු(link) වල ට ඔබේ මුරපදය ලබා නොදෙන්න..ඔබේ බැංකු ගිණුම/ ඉ-තැපැල් ගිණුම හෝ වෙනත් ඔබ දැනුවත් සේවා පද්ධතියකට සම්බන්ධවීමේදී එම වෙබ් ලිපිනය ඔබේ වෙබ් බ්‍රවුසරයේ ඔබ විසින්ම ලබාදී හෝ bookmark භාවිත කර යොමුවන්න.
  3. ඔබේ මුරපදය කිසිවිටකත් ඉ-තැපෑල හරහා (හෝ හැකිනම් කිසිම විධියකින් )වෙනත් කෙනෙකුට යවන්න/දැනගන්න නොදෙන්න
    “ඔබේ ඔන්ලයින් (online) ගිණුම් සහ සේවාවන්ට පිවිසීමට ඇති යතුර, ඔබේ මුරපදයයි (password). මෙය ඔබ සාමාන්‍ය ජිවීතයේ යතුරු දෙන්නේ කාටද යන්න මෙන් ඉතා සැලකිලිමත් විය යුතු කරුණකි.  ඔබගේ මුරපද විද්‍යුත් තැපෑලෙන් එවන ලෙස, නීත්‍යානුකූල වෙබ්අඩවි සහ සේවාවන් මඟින් ඉල්ලන්නේ නැත. එබැවින් ඔබේ මුරපද අවශ්‍ය යැයි කියා ලැබෙන එවැනි ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන්න. ඔබේ මුරපද එතරම් වැදගත් බැවින් ඒවා අනෙක් අය අතරේ, මිතුරන් සහ පවුලේ අය සමඟ වුවද බෙදා ගැනීමට පෙර ඔබ හොඳින් සිතා බැලිය යුතුය. මන්ද යත්, යමෙකු ඔබ අනුමත නොකරන ආකාරයෙන් ඔබේ තොරතුරු වෙත ප්‍රවේශ වීමෙන් ඔබේ ගිණුම් අනිසි ලෙස භාවිතා කිරීමේ වැඩි අවදානමක් ඇත. උදාහරණයක් ලෙස, ඔබ ඔබේ විද්‍යුත් තැපැල් මුරපදය යමෙකු සමඟ හුවමාරු කර ගන්නේ නම්, එම පුද්ගලයා ඔබේ විද්‍යුත් තැපැල් පණිවිඩ කියවීමට ඉඩ ඇති අතර ඔබ මෙන් පෙනී සිට ඔබේ බැංකු, සමාජ ජාල ගිණුම් හෝ වෙනත් ඔන්ලයින් සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහාත් ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කිරීමට උත්සාහ කළ හැකිය.අවසාන වශයෙන්, ඔබ ඔබේ මුරපදය යමෙකු සමඟ බෙදාගත් විට, එය සුරක්ෂිතව තබා ගැනීම සඳහා ඔබ ඔවුන්මත පූර්ණ විශ්වාසය තැබිය යුතුය; ඔවුන් එය සිතා මතා හෝ අහම්බෙන් අන් අය සමඟ බෙදා ගත හැකිය.”ඒමෙන්ම ඔවුන්ගේ නොදැනුවත් කමින් හෝ එසේ නැතිව  සිදු කරන ක්‍රියාවක් මගින් ඔබේ තොරතුරු/ගිණුම්/ මුදල් අනතුරේ වැටීමට පුලුවන!
  4. ඔබ නොදන්නා යම් වෙබ් අඩවියකට sign in වෙන්න අහනවානම් බලාගෙනයි!මෙන්නමේ ටිකට ඔබේ අවධානය යොමු කරන්න
    1. ඔබේ වෙබ් බ්‍රවුසරයේ address bar එක – එහි ඇති URL එක සත්‍ය/නිවැරදි එකක්ද බලන්න. ඇතැම් URL ඇත්තම URL වගේ අකුරක් දෙකක් වෙනස් කරල/මාරුකරල අපිව රවටන්න හදල තියෙනවා
    2. ඒවගේම address bar එක පටන් ගන්න තැන https:// ලෙස සඳහන් වන්නේද බලන්න. මෙයින් කියවෙන්නේ ඔබේ දත්ත වඩා ආරක්‍ෂිතව යැවෙන බවයි. ඉන් ඔබේ දත්ත අතරමගදී සොරකම් කිරීම වළකනවා.
    3. ඇතැම් වෙබ් අඩවි මෙසේ ආරක්‍ෂිතව දත්ත යැවීම පෙන්නුම් කිරීම සඳහා address bar එක පටන් ගන්න තැන ඉබියතුරක සංකේතයක් දක්වා තිබෙනු දක්නට පුළුවන්.
  5. ඔබට සැකසහිත ඉ-මේල් හෝ වංචාවන් තිබෙනවානම් ඒ පිළිබඳව වාර්තා කරන්න
  6. නාඳුනන්නන් විසින් ලබාදෙන ත්‍යාග /මුදල් ආදිය ගැන අවධානයෙන් ඉන්න!

ඔබට සමහර ඉ-මේල් ලැබෙන්න පුළුවන් ඔබට යම් ත්‍යාගයක් හෝ ලොතරැයියක් දිනූ බවට නැත්නම් ඔබට යම් වෙබ් අඩවියක millionth visitor ලෙසට සුභපතමින්..සහ ත්‍යාග මුදල ලබා ගැනීමට යම් පෝරමයක් සම්පූර්ණ කර එවන ලෙස.

එසේත් නැත්නම් පහසුවෙන් මුදල් ඉපයීමේ ක්‍රම/රැකියා ලබාදීම සඳහා (“get rich quick working from your home in just two hours a day!”) විස්තර ලබා දෙන ලෙස. මෙම ඉ-තැපැල් බොහෝවිට වංචනික යන්ගේ උපක්‍රම. ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඒවගේම එම පෝරම පිරවීමේදී ඔබේ තොරතුරු වංචනික ලෙස ලබාගන්නත් පුළුවන්. ඔබ එහි ඇති “submit” බොත්තම එබීමට පෙර දත්ත පුරවන අවස්ථාවේදී වුනත් ඔබේ තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

තොරතුරු මූලාශ්‍ර: www.google.com/goodtoknow

  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • ශක්තිමත් මුරපදයක් තෝරාගැනීම හා එය ආරක්ෂා කරගැනීම
  • සයිබර් අවකාශයේ ඔබේ ආරක්ෂාව
  • ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
  • කුඩා ළමුන් සහ යෞවනයන් හට අන්තර්ජාල ආරක්ෂණ උපදෙස්
  • ස්පෑම් සහ ස්කෑම්

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062