අවසන් වරට යාවත්කාලීන කලේ 2020/11/05
ඔබ යම් ෆේස්බුක් පරිශීලකයෙකු අනවහිර කළ විට, ඔබ ෆේස්බුක් හි “පොදු”(public) නැත්නම් ඕනෑම අයෙකුට බැලිය හැකි ලෙස පළ කරනලිපි (posts) බැලීමට එම පරිශීලකයාට පහැකි වනු ඇත. නමුත් එම පුද්ගලයා ස්වයංක්‍රීයව ඔබේ ෆේස්බුක් මිතුරෙකු බවට පත් නොවේ. ඔබ විසින් අවහිර කළ පුද්ගලයකු සමඟ නැවත මිතුරෙකු වීමට අවශ්‍ය නම්, ඔවුන් වෙත නව මිතුරු ඉල්ලීමක් (friend request) යැවීමට සිදු වේ.
- ෆේස්බුක් හි දකුණු පස ඉහළ ඇති
ක්ලික් කර සැකසීම් (settings) තෝරන්න.
- ෆේස්බුක් හි වම් පස ඇති “Blocking” ක්ලික් කරන්න.
- ඔබ විසින් අවහිර කර ඇති පුද්ගලයින් ලැයිස්තුවක්, අවහිර කරනලද පරිශීලකයන් (Block Users) අංශයෙන් දැකිය හැකිය. ඔබට අනවහිර කිරීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයකුගේ නම ඉදිරියෙන් අනවහිර කරන්න (unblock) යන්න ක්ලික් කරන්න.
- ඔබට අනවහිර කිරීමට අවශ්‍ය තැනැත්තාගේ නම ඉදිරියෙන් අනවහිර කරන්න (unblock) ක්ලික් කරන්න.
- පුද්ගලයා අනවහිර කිරීම අවසන් කිරීමට තහවුරු කිරීම (confirm) ක්ලික් කරන්න.
සටහන: ඔබ කෙනෙකුව අනවහිර කළේ නම්, එදින සිට තවත්දින කිහිපයක් යන තුරු ඔබට ඔවුන්ව නැවත අවහිර කිරීමට නොහැක.
මූලාශ්‍රය: https://www.facebook.com/help/115916435160582?helpref=uf_permalink