අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/01
මෙහි එන නම් ගම් මනංකල්පිතයි.
විභාගයෙන් පසු සැන්ඩ්‍රා නිතරම ෆේස්බුක් එකේ ඇය කරන සෑම දෙයක්ම යාවත්කාලීන කරමින් ඒවා සෑම කෙනෙකු සමඟම බෙදා හදා (share) ගනිමින් කාලය ගත කරා. ඒ නිසා ඇයට දන්නා නොදන්නා මිතුරන් සහ අනුගාමිකයන් බොහෝ දෙනෙක් සිටියා. ඇය පළ කරන සෑම පෝස්ට් එකකටම බොහෝ දෙනෙක් කැමති වීම සහ අදහස් දැක්වීම නිසා ඇයට කිසිවිටෙකත් එපා වෙන හැඟීමක් ඇති නොවිණි. වරක් ඇය ලස්සන පින්තූර ටිකක් පහත දැක්වෙන ශීර්ෂ පාඨය සහිතව බෙදා හදා ගත්තා.
පවුලේ අය සමඟ දින 3 ක් නුවරඑළියේ කල් ගත කිරීම
කොටේජ් හිල්ස් හෝටලේදී
නුවරඑළියේ කාලය ගත කිරීමෙන් පසුව ඔවුන් රෑ බෝවී නැවත නිවසට පැමිණයා. ගේට්ටුව විවෘතව තිබූ අතර අමුතු දේවල් පෙනෙන්නට තිබුණි. ඔවුන් පිටත සිටියදී කොල්ලකෑමක් සිදු වී ඇති බව තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගියේ නැත.
පූර්ව ආරක්ෂක උපදෙස්: ඔබගේ පුද්ගලික කතා, පින්තූර සහ වීඩියෝ ප්‍රසිද්ධියේ බෙදා හදා ගන්න එපා.
ඔබ සැබැවින්ම බෙදාහදා ගැනීමට අවශ්‍ය නම්, ඔබේ මිතුරන් අතර පමණක් බෙදා ගන්න, නැතිනම් අදාළ සිදුවීම අවසන් වූ පසුව හෝ නැවත පැමිණීමෙන් පසුව එය සිදු කරන්න.